"ම්...මිහිදුම්!"
"මොනවද තමුසෙ මේ කරල තියෙන්නෙ ආ....හ් !!"
අඩි හයකටත් වඩා පොඩ්ඩක් උස සුදු කොල්ලෙක් දොර ඉස්සරහ හිටගෙන හිටියෙ මිහිදුම් අත් ගොබේකුත් අල්ලගෙන ඌ දිහාට ඔලුව උස්සන් බකමූනෙක් වගේ බලන් ඉද්දි...විද්වානයා අතෙ තිබ්බ කොෆි එක එතන තිබ්බ මේසෙ උඩින් තියල අඩියට දෙකට එතනට ගියෙ මෙච්චර වෙලාවක් අතත් උස්සන් මිහිදුම් දිහාවට රවාාගෙන බලන් හිටපු කොල්ලගෙ බැල්ම උඩුකය නිරුවත්ව කලු බොටමක් විතරක් ඇදන් ඉන්න විද්ගෙ උඩ ඉදන් යටටම යද්දි..
"අයියා !!"
ඌ දිහාට ඔලුව උස්සන් අයියා ගාලා කෑ ගහපු මිහිදුම් දිහාට ඇස් දෙක ලොකු කරන් විද්වාන් බැලුවේ පිස්සෙක් ගානට...මොකා? අයියා...මූට තව අයියලත් ඉන්නවද ?
"ම්...මොකා...තමුසෙට කොහෙද ඕයි අයියලා !!!"
විදවාන් පිස්සෙක් ගානට මිහිදුම්ගෙන් ඇහුවම දොර ඉස්සරහ හිටන් උන්න එකා ඇහිබමක් උඩ යවල මිහිදුම් දිහාට නැවුනේ මිහිදුම් ඔලුව පිටිපස්සට කරගෙන අහක බලාගනිද්දි..
"තමුසෙ මේකාට කිව්වෙ නෑ ඒ කියන්නෙ? "
"උබ මුගෙ අයියද මොකාද මට වැඩක් නෑ ..ඔච්චර ඇඟට එන්න ඕන නැහැනේ නේද ? "
ඒ අස්සෙ විදාට මල පැනල මිහිදුම්ගෙ අතින් ඇදල අරන් උගෙ කරවටේට අතක් යවල ඇහිබැමක් උඩ යවල අරූගෙන් ඇහුවෙ ඌට හිනාවක් යද්දි..
"හිච්චි රෝමියෝට මල පැනල වගේ...මං ඇතුලට එන්නද ?"
"දොරට හේත්තුවක් දාන් සාක්කුවකට අතකුත් දාගෙන අනික් අතේ ලොකු සූට් කේස් එකක් තියන් හිටිය ඒකා ඇහුවම මිහිදුම් විද්වත් ඇදගෙන දොර ගාවින් මෑත් උනේ අරකා විසිල් එකකුත් පිඹගෙන අපාට්මන්ට් එක පුරාවට ඇස් දෙක යවන ගමන් ඇතුලට එද්දි..
"තමුසෙ දැන් මූ එක්කද ඉන්නෙ ? "
සූට් කේස් එක තියෙන්න ඇරලා කකුලක් පිට කකුලක් දාන් ආව එකා ගිහින් සෝෆා එකෙ වාඩිවෙලා ඇහුවෙ ෆෝන් එකට කොටන ගමන් වෙද්දි මිහිදුම් ගිහින් ෆ්රිජ් එකෙ තිබ්බ කූල් වතුර බෝතලයක් උස්සන් ඇවිල්ල අරූගෙ උකුල උඩට අතෑරියෙ ඒකා ෆෝන් එක සෝෆා එකෙ පැත්තකට විිසි කරල බෝතලේ මූඩිය ඇරල බීගෙන බීගෙන යද්දි..ඒ අස්සෙ අරූගෙ උකුල උඩට වතුර බෝතලේ අතෑරල හෙන වීරකමක් කරල වගේ පස්සත් දික් කරන් ඉද්දි මෙච්චර පුදුමවීම් ගොඩක් දරාගන්න බැරුව සෝෆා එක උඩ කේක් ගෙඩිය වගේ ඉන්න එකා දිහාට බැල්මක් දාලා ඌගෙ ඉස්සරහට වෙලා තටු ටික අකුලන් ඉන්න කීකරු බකමූනු පැටියව ඇදගෙන අඩියට දෙකට කාමරෙ අස්සට රිංගුවේ බකමූනු පැටියා ඔහේ ඇදිල යද්දි..
මිහිදුම්ව කාමරේට ඇඳන් ආව ගමන් විදා ඇහුවෙ ඉනටත් අතක් තියන් වෙද්දි මිහිදුම් දොරෙන් එලියට එබිල බලල ආයම විදා දිහා බැලුවම විද් දොර වහල දැම්ම
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...