58

542 67 163
                                    


දවස් ගානකින්නේ..ඒනිසා අද කමෙන්ට් එකක් එහෙම කොටන් යන්න ඈ...මට නිකන් අවුල් අවුල් වගේ ❤️‍🩹

"⁣තමුසෙට මේ ගෙදර ඉන්න බෑ පලයන් මෙහෙන්!!!!" සිදත් දොර දිහාට දබරැගිල්ල දික් කරල කිව්වහම පහල තට්ටුවෙ හිටිය පොශ් ගෑනු කෙනා හිනාවුනේ නක්කලේට...ඉතින් ඕක නිසා සිදාට මලපැන්නා..මගෙ අම්මගෙ ගෙදර ඉදන් මටම හිනාවෙන්න??

"මොකද තමුසෙ හිනාවෙන්නෙ ආහ්!!!!මගෙ  ගෙදරින් බහිනවා එලියට!!!!" රෑ දහයට විතර ඇති වෙලාව..සිදත් හිටියෙ නිදියගන්න කියලා ඇඳගත්ත සැහැල්ලු තඩි කලිසමකට ආම් කට් එකක් ඇඳන්...ඌට මලපැන්නෙ කාමරේ ඉදන් පහලට බැහැගෙන එද්දි සෝෆා එකෙ කකුලක් පිට කකුලක් දාගෙන හිටිය ගෑනිව දැක්කම...ඩෑඩ්ගෙ හොර එක!!!හිතට ආපු මුල්ම වචන ටික!!!

"ඔහ් සුරේන්ගෙ ⁣පුතා තාත්තට වඩා නං සැරයි වගේ...මම ඔයාගෙ අම්මා වෙන්න ඉන්න කෙනා...මට ⁣ඔහොමද කතා කරන්නෙ??? " ඒ ගෑනු කෙනා වාඩිවෙලා හිටිය සෝෆා එකෙන් නැගිට්ටෙ මොඩ්ලින් කරන තාලෙට අඩිය තියලා ඇවිදින ගමන්...ඒ ගෑනු කෙනා ඇඳල හිටියෙ දනහිස ගාවට පලල තියන දිග ගවුමක්..සංවරව ඇන්දට නං මොකෝ ඒ මූනෙ තිබ්බෙ මහ නක්කල් නෝංජල් හිනාවක්..ටොක් ටොක් ගාන සද්දෙට ඒ හීල්ස් වල අඩිය බිමට වදිනව...මොකද්දො මංදා හේතුවකට අර ටොක් ටොක් ගාන සද්දෙ ලං වෙන්න ලං වෙන්න සිදත්ගෙ.අතට හරි තදට පඩිපෙලේ අත්වට මිරිකුනා..!!

"හහ්...තමුසෙට පිස්සුද ඕයි???එහෙනං මේ වෙද්දි මට අම්මල පෝලිමක් ඉන්න ගියා...මරු කියවන්නැතුව පලයං මෙහෙන්!!!!" සිදත් පඩිපෙලෙන් සම්පූර්ණයෙන්ම පහලට බැහැල ඇවිල්ල කිව්වෙ දොර පෙන්නල..මහ රෑ උනත් දොර හායි ගාලා ඇරල දාලා..ඒ කියන්නෙ ඩෑඩ් මේ මල හෝන්තුවත් උස්සගෙන ගෙදර ඇවිල්ල තියෙන්නෙ මේ දැන්!!!එලියෙන් ලාවට පොඳ ගහනව..ඒඅස්සෙ ටී.......ක් ගාන සද්දෙට වැරැන්ඩා එකේ නවත්තපු කාර් එක ලොක් කරන සද්දෙ සිදත්ට ඇහුනා...

"තමුසෙට මේ ගෙදරින් යන්නෙ නේහ් බැරි????මං මේක මගෙම තාත්ත එක්ක බලාගන්නං!!!!" සිදත් ඒ කියලා අර ගෑනු කෙනාගෙ අතකින් අල්ලන් දොර දිහාට ඇදගෙන වගේ එක්ක ආවා..ඌ අවුරුදු දාසයේ ඉඳල මෙහෙමයි..මේ හැසිරීම..මේ ගෙදර බිත්ති වලට අමුතු දෙයක් නෙමේ..හැබැයි රූපෙන්  වෙනස් ගෑනු එක්ක!!!මේ ගෙදරට ඇවිල්ල තියන ගෑනු ගාන උපරිම පනහකට වැඩි මිසක් අඩුනං නෑ..!!!

කබඩිWhere stories live. Discover now