15

813 100 177
                                    

"මොකද්ද උබ කියන්නේ..යකෝ ඌට මොකද්ද උනේ !"

"මං දන්නෙ නෑ බාන්න්..මට ඕනනං අපේ එකෙක්ව යවන්න පුලුවන් මැන්ශන් එකට..ඒත්....."

"ඒ්ත් කියන්නෙ..බං ඌගෙ ෆෝන් ඕෆ්..ඇමති ### තිරිසනෙක් කියලා උබ දන්නවනෙ බන්..යකො කීයට එන්න ඕන එකාද තාම නැත්තේ !"

ටෙන්ට් එකේ හිටිය උන්ගෙන් බාගෙකට වඩා මට උන්ගෙ.අවදානෙ දීල තිබ්බා...උන්ව දකිද්දි මට තව කේන්තියි..අරුත් හිටියා නං ඔහොම ඉන්න ගියා..මගුල හුත්ත.කරදරයක් ආවොත් වෙන්නෙ ඌටමයි..ඇයි..මං අහන්නෙ ඇයි ඌම විතරක් ඒ දේවල් විඳවන්න ඕන එකා උනේ..පොඩි දේටත් වැඩියෙන් කේන්ති ගන්න මට දැන්ම ඌව දකින්න ඕන උනා..මම ආපු ආවේගෙටම නුරාගයගෙ උරහිස් දෙකෙන් සැරෙන් අල්ලල හෙලෙව්වම ඒකා හිටියෙත් මේ සිහියක නෙමේ..ඌට කොච්චර කිව්වත් කරන්න පුලුවන් සීමාවක් තියනවනේ..!මගෙ සද්දෙ ඇහිලද කොහෙද බාගෙට ශිප් එක දාගෙන හිටිය රේසින් කිට් එකේ ශිපර් එක උඩට ඇදගන්න ගමන් ආව සිදත් අයියා ඇහුවෙ කලබලෙන්.... මගෙ අත් නුරාගයගෙ ඇගෙන් අයින් කරලා.

"දේව්..ඇයි මේ...නුරාග.මොකද්ද ප්‍රශ්නේ "

"ස්..සිදත් අයි⁣යේ මිහිදුවා තාම නෑ !"

"මොකක්..### ඇමතියගෙ එකා නේද ඔය..යකෝ..දැන් වෙද්දි එන්න ඕන...තවටිකකින් මේ මගුල පටන් ගන්නවා..."

ඔලුව විකාර වෙනව උන් කියන ඒවා අහන් ඉද්දි..කොහොමත්  මේ වගේ වෙලාවට ⁣අනික් උන් කොච්චර දේවල් කිව්වත් මගෙ හිත කියන කියන දේයි මට කරන්න ඕන..

" මං යනවා !!"

"ඕයි විද්වාන්..උබ කොහෙද යන්⁣නේ !!"
"යකෝ...දේව් කොහෙද යන්නේ ආ හිටපන් ඔහොම "

මං ටෙන්ට් එකෙන් එන්න ආවා..සැරින් සැරේ එකේක ඒවා කියල අනව්ස්  කරනවා..මගෙ.කනට ඒක මහ වදයක්..සමහරවිට මං කේන්තියෙන් ඉන්න නිසා වෙන්නැති...කෙල්ලොද කොල්ලොද ටෙන්ට් අස්සෙ ඉදන් උන් සමහරක් හිනා වෙනවා...මට අරූව හොයාගන්න ඕන මො ලොුකෙන් හරි..ඌව හොයාගෙන මං ඌගෙ ඇමතියව නැති කරලා දානවා !

"යකෝ ඔහොම ඉදපන්. උබට එලියට යන්න දෙන්නැ ට්‍රැක් ශර්ට් එකක් ඇ⁣දගෙන..දේව්...කියන දේ අහපන්..!"

කබඩිWhere stories live. Discover now