54

510 72 103
                                    

විද් හිටියෙ කුස්සිය පිටිපස්⁣සෙ පඩිය උඩ වාඩිවෙලා පෙරෙ වතුර එක රත්වෙන්න තියල ඒක රත් වෙනකන් ඉන්නව...පස්සෙ පඩියෙ වාඩි උනහම එහා පැත්තෙ වැටෙන් ⁣එහා ගෙදර වෙන සේරම ලබ්බවල් ටික පේනව..අව්ලක් නැ ලස්සන නංගියෙක් එහෙම ඉන්නව එහෙ...විද් වොශ් එකක් දාලා ගෙදරට අදින ගොම කොලපාටකොට කලිසමකුයි අත් කපපු බැනියමකුයි ඇදන් හිටියෙ..පිටිපස්සෙ පඩිය පුප තියාගෙන දනහිස් දෙකට අත් දෙක තියන් විද් හිටියෙ හෙන කල්පනාවක...

"ඉස්කොලෙට යනවද..නැද්ද..අර්ර්ර්හ් මේක නං පිස්සුවක් යකෝ!!!!! " විදා ඌටම මුමුනගත්තෙ අත් දෙක පස්සට තියන් ⁣ඔලුවත් උස්සගන්න ගමන්...ඌ මේ දහඅතේ කල්පනා කරනවා හවස් වෙන්න ඉස්කොලෙ පැත්තෙ යනවද කියල...

"ලව් කරන උන්ට හිනාවෙද්දි මටත් මෙව්වා හිතන්න තිබ්බා !!!" විදා උටම මුමුනගත්තෙ ඌ කරන්න යන හද්ද බොලඳ කුජීත වැඩේ ගැන හිතන ගමන්...⁣ඒ ටිහකින්ම ගෑස් ලිප උඩ තිබ්බ කේතලේ හූ ගාලා පිබින්න ගත්තම විද් නැගිටල ගිහින් ගෑස් එක ඕෆ් කලේ ටස් ගාන සද්දෙන්...

*මීයෑ................ව්* ඒ අස්සෙ ඌ සාලෙට යන්න හදලත් කුස්සියෙ දොර ගාවින් ලොකූගෙ කිටියගෙ කෑ ගහන සද්දෙ ඇහිලා විද් ආය එතන්ට ගිහාම කිටී ඇවිල්ල වෙලෙන්න ගත්තෙ විද්ගෙ මයිල් පිරිච්ච කකුල් දෙකේ....කිටී ලස්සන වෙලා...බෝලයක් වෙලා හෙන ලස්සනයී..විද් මේ කිටියව දකින්නෙත් සෑහෙන කාලෙකින්...

"අම්මෙහ්..සුදු නෝනා !!!" ⁣මෙහෙ එන්න බලන්න !!!" බෝලෙ වගේ හිටිය කිටීව අත් දෙකෙම්ම වඩාගන්න ගමන් විද් මිමිනුවෙ කටහඩත් අමුතු කරල හෙන හුරතල් කටහඬකින් වෙද්දි පූස්තඩියා ඇස් දෙක පියෙව්වෙ හරි කම්මැලි කමේ...

"උබ අයාලෙ ගිහින් ලමයි හම්බකරලා..දැන් මෙහෙ එන්නවත් එපා නේද !!!!" පූස්තඩියව අත් දෙකෙම්ම බඳාගෙන අර චූටි ලොම් පිරිච්ච ඔලුව විද් පොරගෙ පපුවට තියාගන්න ගමන් හිනාවෙවී මිමිනුවම අර පූස් තඩියා පුරු පුරු ගාන සද්දෙ විද්ට දැනුනා...ඉතින් විද් ලෝභ කමේ පූස් තඩියවත් උස්සන් ආයිම කුස්සියෙ පඩිය උඩින් වාඩි උනේ කුස්සියෙ උඩ,බිත්ති⁣යෙ ගහල තියන ඔරලෝසුවෙන් වෙලාවත් බලල...

" තාම හතරයි...මට පහට ඉස්කොලෙට යාගන්න තිබ්බ නං ඇති...!!!" තමන්ටම ලාවට මුමුනගත්ත විද් වාඩිවෙලා කිටීව උකුල උඩින් තියාගෙන ඒ ලෝම පිරුන චුට්ටන් ඔලුව ඇගිල්ලකින් අත ගාන්න ගත්තෙ ඔලුවත් චුට්ටක් පහත් කරන් කිටියගෙ මූන දිහාට එබිල...සනීපෙට කිටීට නින්ද යන්න එනව දැකල විද්ට හිනාවක් ගියෙ නිකන්මයි...

කබඩිWhere stories live. Discover now