මගෙ හාෆ් සෙන්චරිය...chap50! Cacuta වැඩි වෙලා අද චැපිය වචන 10,000+ ලියවුනා හරිද..ඒනිසා මං චැප්ටර් එක දෙකට කැඩුව..
"ස්ස්ස්...ඕයි..!!!" කෙමෙස්ට්‍රි වල පරිවර්තන වගයක් කර කර හිටිය තිනෙරු ඔලුව උස්සල බැලුවේ ස්ස්ස්ස් ගාන සද්දෙට..ඌ හිටියෙ ගල් පඩිපෙල උඩම දෙවනි පඩියෙ වගේ..කකුල් දෙක පහලටදාල ඌ කකුලක් පිට කකුලක්.දාගෙන ඔඩොක්කුවෙ පොතත් තියන් දමාගෙන හද හද හිටියේ...ඒ කරලා සද්දෙට ඔලුව උස්සලා බලද්දි ගල් පඩිපෙල කොනේ ඉඳන් මේ දිහාවට ඇවිදන් එන්නෙ ආදිත්‍ය...
තිිනෙරු වැඩ කරද්දි දාන කන්නාඩි දෙක ඇඟිල්ලකින් නාහෙට තද කරගත්තෙ මේ පැත්තට එන ආදිත්‍ය දිහා බලන්...ඌ හිටියෙ ස්කුල් ශර්ට් එකට බොටම ගහගෙන..
"තමුසෙ ගෙදර යන්නැද්ද..?" ආදිත්‍ය අහන්නෙ ඔලුව පහත් කරලා තිනෙරුවගෙන්..ඌ මුකුත් නොකිය පොත දිහට ඔලුව හරවගත්තෙ ඌගෙ පාඩුවෙ..
"ඕයි තිනෙරු..උබෙන් අහන්නෙ මම..ගෙදර යන්නැද්ද..?" ආදිත්‍ය ඇහුවෙ කකුලේන්ම තිනුවගෙ කලවෙකට පාරක් ඇනලා..සුදු යුනිෆෙෝම් එකේ ලාවට වගේ මඩපාර හිටිය නිසා තිනෙරු රවලා බැලුවෙ ආදිත්‍ය දිහා ආදිත්‍ය නං කලේ ප්ෆ්ට් කාලා තොල් දෙක ඇද කරපු එක...
"මොකද ඕයි රවන්නෙ..තමුසෙ ගෙදර යන්නැද්ද..බලපන් හයට ලඟයි...!!!"
"මං ටිකකින් යනව..උබ පලයන් " තිනෙරුවා කිව්වෙ ආයම පොතට එබිලා වෙද්දි මෙච්චර වෙලාවක් ඔහේ තියන් උන්නු අත් දෙක ඉනට තියාගත්තෙ ආදිත්‍ය
"මෙහෙ වරෙන් යන්න!!!" ආදිත්‍ය එහෙම කියල ගල් පඩියක් උඩ තිබ්බ තිනුවගෙ බෑග් එක අරගෙන යන්න ගියේ මුකුත් උන්නැති ගානට...තිනෙරු නං හිටියෙ ලිය ලිය උන්නු පෑන අතටම කිටි කිටියෙ හිරකරගෙන....ඌ අතේ තිබ්බ ඇට්ලස් චූටි නිල්පෑන දෙකට කැඩිල ගියේ ඌ ඒ තරම්ම හයියකින් ඒක අල්ලන් උන්නු නිසා...ඌ ඔලුව හරවල බලද්දි ආදිත්‍ය ගේට් එක ගාවට වෙනකන්ම ගිහින් ඌ නැගිටල පස්සෙ තිබ්බ වැලි ටිකත් ගසාගෙන නැගිටල දිග අඩි තිය තිය ගියේ ආදිත්යගාවට..
"මේකත් දාපන් ඕකට !!!" තිනෙරුවා ඌගෙ බෑග් එක උස්සන් උන්නු ආදිත්‍යගෙ දිහාට උගෙ අතෙ තිබ්බ පොත විසිකරහම ආදිත්‍ය පොත අල්ලගෙන ඒක තිනුවගෙ බෑග් එකට එබුවෙ තිනුවා සාක්කු දෙකට අත්.දෙක දාන් ඉස්සර වෙද්දි..ඌ ගේට් එක පහු කරලා ඉස්සරහට යද්දි හම්මටසිරි ශකීයා...ඌකොහොමත් දැන් ටික වෙලාවක ඉදල ග්‍රවන්ඩ් එකේ පේන්න හිටයෙ නෑ තමා...
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...