53

534 78 100
                                    

"ශකියා උබ තිනුවා එක්ක වරෙන්!!!" විදා ඒ කියලා මිහිදුම්ගෙ කරටත් අතක් දාගෙන එන්න ආවේ විශාල්ට බැල්මක්වත් දෙන්නෙ නැතුව..දෙන්නත් එක්කම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම සිකුරුටි අංකල් සුපුරුදු විදයටම හිනාවේගෙන ඉන්නව..උදේම සුභයි ඉතින්...

"මොකද බං ඊයෙ දවසටම කෝල් එකක් නෑ..ක්ලාස් එන්නැ කියලා මැසේජ් එකක් විතරයි...පකයො මං හිතුවෙ අදත් නෑව්ත් ඉඳියි කියලා !!!" විදා කියන්නෙ සුපුරුදු විදියටම එක අතක් සාක්කුවකට දාගෙන අනික් අත මිහිදුම්ගෙ බෙල්ල වටේට දමාගෙන...

මිහිදුම් කලේ මුකුත් නොකියා විද්ගෙ අතක් අස්සෙ ඉඳන් ඒ මූන දිහා බලපු එක..ටිකකින් මිහිදුම්ගෙ බෙල්ල වටේට ගීහින් තියන විද්ගෙ අතේ ඇඟිලි තුඩු මිහිදුම්ගෙ බෙල්ලෙ වදිනව....විද්ට කොහොමත් මිහිදුම් ලඟ ඉද්දි අතපය තියන් ඉන්න බෑනේ...

"රෙක් එක බැලුවනේද තමුසෙ..එදා ක්ලාස් එකේ ?" බෙල්ලෙ පහලට පපුව හරියටම ඉලිප්පිලා ලාවට මතුවෙලා තියන නහර උඩට රස්නෙ ඇඟිලි තුඩු වද්දලා  විද් ඇහුවම මිහිදුම් මුකුත් කිව්වෙ නෑ.... පොර සද්ද නැතුව විද් එක්කම එකටඇවිදන්  යනවා...

"ඕයි.හ්...කතා කරපන්..බැලුව නේද රෙක් එක ? " උත්තරයක් නැති තැන බෙල්ල වටේට තිබ්බ අතෙම්ම මිහිදුම්ගෙ බෙල්ල චුට්ටක් තමන්ගෙ පැත්තට හිර කරලා විදා ඇහුවම මිහිදුම් ඌ ඇඳන් උන්නු බොටමෙ කොණක් ඇඟිිලි තුඩු වලට හිර කරගෙන විද්ගෙ දිහා බලල ඔලුව හෙල්ලුවෙ සුපුරුදු විදියටම රවාගෙන...ඒහෙම කලහම විද් තව චුට්ටක් පොරෙගෙ ඇස් දෙක හීනි  කරලා මිහිදුම්ගෙ  ඇඟට බරවෙලා පැවිලියන් එකට එන්න ආවෙ බෑග්ගෙ තනිඋරහෙට තියලා හිරකරන් අල්ලගන්න ගමන්...

"දේ......ව්!!!" මිහිදුම් සුපුරුදු විදියටම කන ලඟ තියලා අර බයහිතෙන කටහඬින් බෙරිහන් දෙන්නගත්තම විද් කලේ ඔලුව චුට්ටක් ඇල කරල මිහිදුම්ගෙ මූණ දිහා බලපු එක...

"පොඩීට හොඳද? "!!!! මිහිදුම් අහන්නෙ තව චුට්ටක් විද්ගෙ දිහාට වෙනගමන්...විද් නං කලේ පොරගෙ ඔලුව ටාං ගාලා මිහිදුම්ගෙ ඔලුවෙ චුට්ටක් වද්දපු එක..

"දවස් දෙකෙන් හොඳවෙන්නැනේ සුදුමැණිකෙ..ඌ අදත් ගෙදර!!!!" ග්‍රව්න්ඩ් එකේ ඇවිදන් යනගමන් විද් කිව්වෙ මිහිදුම්ට...විද් හිටියෙ මිහිදුම්ගෙ බෙල්ල වටේට අතක් යවන් නිසා මිහිදුම් හිරාවලා වගෙ ඉන්නවා..ඒත් මිහිදුම් ඇවිදින ගමනුත් තව චුට්ටක් විද්ගෙ දිහාට වෙන්නෙ ඒ උනුහුම නිසා...විද්වාන් ගාන සනීප සුවඳයිනේ..බය හිතෙන්නැති සුවඳයි...ආදරෙ හිතෙන සුවඳයි....ඉතින් ඒ නිසා මිහිදුම් විද්ගෙ ගාවට වෙලා ඉන්න කැමතියි..

කබඩිWhere stories live. Discover now