1

2K 176 88
                                    

Bathroom ෂවර් එකෙන් ඇග පුරා වැටෙන ඒ වතුර බිංදු වලින් ඇගේ තියෙන සැපුම් කැලැල් වේදනාවෙන් ඉකිගහද්දී සිහින් කෙදිරිල්ලක් කටින් පිට උනත් , ඒ රිදෙන හැම පාරක්ම දැනුනේ කුණු කය ශරීර කූඩූවට නෙවෙයි තදින්ම අභිමන්ගේ පපුවට..පපුව කීරී ගැහෙන ඒ වේදනාවට කොහින්ද බෙහෙත් , තිබුනා බාහිරින් ගල්වන්ට ආලේපන පමනක්!

තඹපාට බෙල්ල පාමුලට දිග් ඇතිව තිබුනු තෙත  කොණ්ඩේ සුදු පාට ටවල් එකකින් පිහින ගමන් ඇවිත් ඇද උඩට දාලා තිබුනු ඇදුම් කට්ටලෙත් අරගෙන ඇදගෙන අභිමන් නතර උනේ තරමක් විශාලව පේන්න තිබුනු ඒ කණ්නාඩිය ඉස්සරහා.

අභිමන්ට අභිමන්ව ලස්සනට පෙනුනේ නෑ.හරියටම දැන් අවුරුද්දක් පුරාවට! අවුරුදු 10න් මේ කොළඹ මන්තීරූ අතර අතර මන් උනු අභිමන්ට පූරූවේ කල පව්කට ලැබුනු මේ රස්සාව නිසා අභිමන්ට සිද්ද උනා තමන්ව ලස්සනට අනිත් අයට පෙන්වන්න! ගැලවෙන්න ඕනේ කමක් තිබුනත් ,කිසිම ගැලවීමක් මෙතනින් නැති බවත් අභිමන් දැනගෙන හිටියා.

සල්ලි වලට ඇග විකුණන්නේ ගැණු විතරක් නෙවෙයි , පිරිමිත් එහෙම කරන වග අභිමන් දැනගත්තේ තමුනුත් මේ තැනට වැටුනට පස්සේ.ඉතින් එදායින් පස්සේ අභිමන්ට සිද්ද උනා විවිධ පිරිමි ලගට ,විවිධාකාර විදිහට යන්න. Full Night , Half Night දෙවිදිහටම.උදේ , දවල් කාලේ ටිකක් හරි නිදහසක් තිබුනා නමුත් එලියට බැහැලා පාරේ ඇවිදින්න අභිමන්ට පුලුවන් කමක් තිබුනේ නෑ.මොකද මෙතන ඉන්න මේ මඩ්මේ අයිතිකාර මිනිහා ඒ වගේ දේවල් වලට ඉඩක් දෙන්නේ නෑ.

සල්ලි වලට යන ගෑනුන්ට වත් ,පිරිමින්ටවත් කවදාවත් එකම එක හුස්ම පොදක් තමන්ගේ හැගීමෙන් වත් , ආදරණීය බවෙන් වත් පිට කරන්න බෑ.මොකද එතන ඒ පැය ගාන ඇතුලත තනිකරම තිබුනේ කාමුක ,රාගික හැගීම්ම විතරයී!

" උබ ලෑස්තිද කොල්ලෝ!"

කාමරේ දොර ඇරන් ඇතුලට එබුනේ මෙ මඩමේ අයිතිකාර මිනිහා.කිසිම ඇසිල්ලක් බැලිල්ලක් නැතුම් ඕනේම වෙලාවක ඒ මිනිහා කාමර වලට ඔලුව දානවා ගෑණු  පිරිමි කියලා බේදයක් නැතුම් , ඒකට හේතුව නම් එතන හිටිය කිසිම එකෙක්ට පෞද්ගලිකත්වයක් තිබුනේ නෑ!

ප්‍රේමය නමින්! |Where stories live. Discover now