" ඇයි තෙමෙන්නේ?!"
" ඇයි තෙමෙන්න තහනම්ද?!"
" නෑ!..අවාරේ ඇදහැලෙන වැහි වලට තෙමෙන්න එපා!"
"ඉන්න"
අභිමන් ආපස්සට යන්න හැරුනත් කිනිහිර අභිමන්ගේ අතෙන් අල්ලලා ඒ ගමන නැවැත්තුවා..
" ඇයි?!"
කිනිහිර කරේම බොද වෙලා තියෙන ඇස් අස්සෙන් අභිමන් දිහා බලන් හිටිය එක!..මොන දේවල් කොයි විදිහකට සිද්ද උනත් හිනා වෙලා සතුටින් ඉන්න මිනිස්සු ලගත් පිටතින් නොපෙනෙන ඇතුලතින් විදිවන ගොඩක් දේවල් තියෙනවා කියලා සමහරවිට කිනිහිර දිහා බැලුවම අභිමන්ටත් හිතෙන්න ඇති!..
" නෑ නිකම්!..යමු!"
අභිමන්ගෙ අත අතෑරලා කිනිහිර එතනින් ඉස්සරහට යද්දී කිනිහිරව තේරුම් ගන්න බැරි අභිමන් කිනිහිර යන දිහා බලන් හිටියා..
කිනිහිර කියන්නෙ වහලා දාලා තියෙන පොතක් වගේ.පෙරලන්න පෙරලන්න තව තවත් පිටු මැවෙනවා වගේ.හරිම සංකීරණයි.
කාමරේට ගිහින් වොශ් කරන් සාමාන්ය සැහැල්ලු ඇදුමකට මාරු වෙලා අභිමන් පහලට බහිද්දී කිනිහිර පේන්න නොහිටිය නිසා කුසියට වැදුනු අභිමන් ව්තුර රත් වෙන්න තියලා කෝපි දෙකක් වෙනුවෙන් ඕනේ කරන අඩුම කුඩුම ටික පැත්තකට ලෑස්ති කරගත්තා..වැස්ස නම් තාමත් එහෙමයි..කිසිම එලියක් නෑ එලියේ වැහි කලුවර හැම තැනම පැතිරිලා කලු කරගෙන..
උතුරලා දුම දාන හීටර් ජෝග්ගුව අරන් කිරි කෝපි දෙකකුත් කෝප්ප දෙකකට දාගෙන අභිමන් සාලේ දිහාට එද්දිම වගේ කිනිහිර පඩිපෙල බැහැගෙන එනව දැකලා අභිමන් සාලේ මැද්දේ එහෙම්ම නැවතිලා හිටියේ කිනිහිර ලගට එනකම්..
" ඔයා කෝපි හැදුවද?"
" ඔව්!"
අභිමන් දීපු කෝපි එකත් අතට අරගෙන කිනිහිර සෝෆා එකෙන් ඉදගත්තම අභිමන් එහායින් තිබ්බ තනිසෝෆා එකේ ඉදගද්දී කිනිහිර කෝපි එකෙන් උගුරක් බිව්වේ තිබ්බ කුතුහලේට!..වෙන මොකටවත් නෙවෙයි අභිමන් අතින් හදපු කිරි කෝපි එකේ රස බලන්න!..
" ඇයි රස නැද්ද?!"
පලවෙනි උගුරෙන්ම කිනිහිර ඇස් දෙක වගගත්තම කිනිහිරට වගේම අභිමන්ට ඕනේ උනෙත් මේක රසද දැනගන්න.
YOU ARE READING
ප්රේමය නමින්! |
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්රේමය නමින්!" කිනිහිර+අභිමන්