" එන්නකෝ! මන් අභිමන්ට තෑග්ගක් ගෙනාවා!"
" තෑග්ගක්?!"
අල්ලන් හිටිය අභිමන්ගේ අත් දෙකත් අතෑරලා කිනිහිර සෝෆා එකෙන් නැගිටලා කලිසම් සාක්කුවට අත දාලා මොකක්ම හරි අතට ගුලි කරගෙන ආයේම සෝෆා එකෙන් ඉදගත්තා..
" අත දිග් කරන්නකෝ!"
"මොනාද කිනිහිර?!"
" අත දිග් කරන්නකෝ ඉතින්!"
කිනිහිර අභිමන්ට කියද්දී අභිමන් කිනිහිරගෙ මූණ ඉස්සරහට අත දිග් කරාම ගුලි කරන් හිටිය කිනිහිරගෙ අත අභිමන්ගේ අත්ල උඩින් නවතිද්දී අභිමන් කුතුහලෙන් බලන් හිටියේ කිනිහිරගෙ ගුලි වෙල තියෙන අත දිහා..ටිකෙන් ටික ලිහිල් වෙලා ගිහින් ගුලු වෙලා තිබුනු කිනිහිරගේ අතෙන් අභීගෙ අල්ලට යම්කිසි දෙයක් වට්ටලා කිනිහිර ආයේම අත ගත්තම තමයි අභිමන් දැක්කේ එයාගෙ අත්ල උඩ තියෙන්නේ ටොෆියක් කියලා..
ටොෆියක් උනත් ගුලි කරලා අතට අරන් බලද්දී අභිමන් දැක්කේ ඒකත් කෝෆි ෆ්ලේවර් එකේ ටොෆියක් බව.ඉතින් අභිමන්ගෙ ඇස් සතුටින් දිලිසුනේ හම්බෙන පුංචි දෙයක් උනත් ඒ එයා ආසම වර්ගේ දේවල් නිසා.
" මට මොකුත් ගන්න වෙලාවක් තිබුනෙ නෑ අභිමන්! ඔය පුංචි ටොෆිය අදට තියාගන්න.හෙට එද්දි මන් ලොකු දෙයක් ගේන්නම්!"
" එපා! මට මෙහෙම හොදයි! ලොකු ලොකු දේවල් ඉක්මනින් කැඩිලා බිදිලා යනවා.ඒත් පුංචි පුංචි දේවල් පරිස්සම් කරන්නත් ලේසියී!..මට මේක ඇති!"
කිනිහිරගෙ ටොෆිය අත්ලට ගුලි කරන් අභිමන් කිනිහිරගෙ මූණ දිහාම බලන් කියද්දී කිනිහිරගෙ අර හිනා වෙන ඇස් වලින් කිනිහිර අභිමන්ට හිනා උනා..
ඇස් දෙකක් හිනා වෙනවා!
" හොදයි! එහෙනම් හෙටත් ටොෆියක් ගේන්නම්!"
කිනිහිර හිනාවෙලා අභිමන්ගේ කොණ්ඩ ගස් අවුල් කරලා කියද්දී මෙච්චර වෙලා අඩලා කදුලු වලින් තෙමිලා ගිහින් විඩාබරින් තිබුනු අභිමන්ගේ මූණ චූටී හිනාවකින් පිරුනා.කිනිහිර පලවෙනි වතාවට අභීගේ ජීවමාන හිනාවක් එයාගේ ඇස් වලින් දැක්කා..චූටී හිනාවක් උනත් ඒක අභිමන්ගේ මූණ ලස්සනින් පුරවලා ඉවරයි!..
YOU ARE READING
ප්‍රේමය නමින්! |
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්‍රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!"