Chapter 15

407 75 63
                                    

" බහින්න!..බෙහෙත් ටිකක් අරන් යමු!"

  කිනිහිර කාර් නැවැත්තුවාම අභිමන් කාර් එකෙන් බැහැලා කිනිහිර එක්කම ඉස්සරහට ගියා උනත් කිනිහිර එක තැනක නැවතුනා..

" ඉන්න Wallet එක දාලා ඇවිත්!"

අභිමන්ව එතනම තියලා කිනිහිර ආයෙම කාර් එක පැත්තට දුවද්දි අභිමන් එතනම හිටගෙන හිටියත් අහේතුවකින් පැත්තකින් තියෙන Supermarket එකක් දිහාට ඇස් යොමු වෙද්දි බයෙන් හැන්ගිලා ඉදගෙන , කවදාවත් ආයේ හම්බෙන්න එපා කියලා හිතපු මිනිහෙක්ගේ රූපයක් Supermarket එකෙන් එලියට එනවා දකිද්දි ඇග දිගේ ගිය හිරියක් එක්ක වේගෙන් පපුව ගැහෙන්න ගද්දි අභිමන් අඩි දෙකක් පිටුපස්සට උනේ තිබ්බ බයට!..

ඒ  දිහා බලාගෙන ඉද්දිම කඩෙන් එලියට ආව මිනිහගෙ ඇසුත් අභිමන් දිහාට යොමු වෙද්දි විනාඩි දෙක තුනක් ඒ ඇස් ගැටිලා ගෙවිලා යද්දිම අභිමන් දිහාට ඒ මිනිහා එන්න යද්දිම අභිමන් ආයෙම කාර් එක පැත්තට ඇවිදන් යන්න පටන් ගත්තා..

අත් දෙකේ ඉදන් දාඩිය දාගෙන අභිමන් මේ තරම් කලබල වෙන විදිහට දැක්ක ඒ මනුස්සයා වෙන කවුරුත් එවෙයි!..

' මඩමෙ අයිති කාරයා!'

තමන් කාර් එක දිහාට යනවත් එක්කම මඩමේ අයිති කාරයා අභිමන් දිහාට ඇවිදන් එන්න ගද්දි අභිමන් පය ඉක්මන් කරලා එතනින් යන්න ගත්තා උනත් අභිමන්ගෙ වාසනාවට වගේ කිනිහිර අභිමන්‍ යන ඉස්සරහට ආවේ..

" අභිමන්!..ඇයි මේ කලබලෙන්?"

" නි..නිකම්!..අතන කලුවරයි!"

තමන් ලග ඉන්න කිනිහිරට එහෙම කියලා කිනිහිරගෙ පිටුපස්සරහා බලද්දි අභිමන් දැක්කා මඩමේ අයිති කාරයා තමන් දිහා වගේම කිනිහිර දිහත් හිටගෙන බලනින්න බව!..

" අච්චර ලයිට් දාලා තියෙන මැද්දේ ඔයාට කලුවරක් ආවේ කොහෙන්ද?!"

වීදී එලියයි , කඩවල් වල එලියි වැටිලා තිබ්බ අභිමන් හිටන් ඉන්න තැන පෙන්නලා කිනිහිර අහද්දී අභිමන් කිනිහිරගේ ෂර්ට් එකත් එක්ක ගුලි කරන් කිනිහිරගෙ අතක් අල්ල ගත්තම කියවන එක නවත්තලා කිනිහිර අභිමන් දිහා බැලුවා.

ප්‍රේමය නමින්! |Where stories live. Discover now