විටෙන් විටෙ හසරැල් ඇවිල්ලා අභිමන්ව නිදාගන්න යවන්න හැදුවත් අභිමන් නෙවෙයි හසරැල් ලගින් හෙල්ලුනෙ..පාන්දර දෙකට විතර අවසාන වතාවට හසරැල් එද්දී අභිමන් නිදි කිරනවා ඒ කිව්වම ගියෙත් නැති කල හසරැල්ටත් නින්ද ගිහින්.
නුපුරුදු ස්පර්ශයක් ඔලුවෙන් දැනෙද්දී අභිමන් ගැස්සිලා ඇස් ඇරලා බැලුවත් ඇස් ඇරිය සැනින් අභිමන්ගෙ ඉස්සරහා තාමත් නිදි කිනිහිරව ඇස් දෙකට වැටෙද්දී ඊලගට ඇස් ගියෙ තමන්ගේ ඔලුව අතගාන එහා පැත්තේ ඉන්න කෙනා දිහාවට
" හසරැල් අයියා!"
අභිමන් කතා කරද්දිත් හසරැල් අභිමන්ගෙ කොණ්ඩ ගස් අස්සෙන් ඇගිලි තුඩු යවමින් හිටියා..නුපුරුදු වචනේ පරිසමාප්තියෙන්ම කැමති නැති නිසා අභිමන් හසරැල් දිහාවෙන් ඔලුව අහක් කර ගත්තා..
" දැන් ගිහින් නිදාගන්න!"
" ඇයි ඒ?"
" දැන් උදේ.ඊයේ රෑ ඉදන් හරියට නිදි නෑනේ."
" බෑ!.."
" අභිමන්.මුරණ්ඩු වෙන්නෙපා!"
" ඔයා කොහොමද මට එහෙම කියන්නේ?"
" ඇයි මට එහෙම කියන්න බැරිද?"
" බෑ!"
අභිමන් ගත් කටටම බෑ කියද්දී හසරැල් කට කොනෙ හිනාවකින් අභිමන්ට සංග්රහ කරා..
" කිනිහිරට විතරද පුලුවන්?!"
කිනිහිර දිහාවටත් , අභිමන් දිහාවටත් මාරුවෙන් මාරුවට ඇස් දෙක දාන ගමන් හසරැල් අහද්දී අභිමන් ,
" ඔව්!."
"එහෙමද?.ම්ම්.හොදයි එහෙනම්!"
අභිමන් ලගින් දනිස් දෙකට බර දීලා හසරැල් නැගිටලා නිහඩවම කාමරයෙන් යන්න ගියා..
සමහරවිට ඒ කිව්ව දේට එයාට මොනවා හරි හිතෙන්නැති..
හසරැල් යන දිහා බලන් ඉදලා ආයේම ඇදෙ ඉන්න කිනිහිර දිහා බැලුවම හිතාගන්න බැරි විදිහට කිනිහිර ඇස් දෙක ඇරන් අභිමන් දිහාම බලන් ඉන්නවා..දෙන්නගෙම ඇස් එකම මොහොතක මුණගැහෙද්දී ගෙවිල ගියේ විනාඩි කීයක්ද කියලා දෙන්නටම හිතාගන්න බැරි වෙන්නැති..

YOU ARE READING
ප්රේමය නමින්!
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්රේමය නමින්!" Cover Credits: @Zoe_Vantae 💗