Chapter 7

905 132 156
                                    

එන්න! හිත නිදහසේ කිනිහිරව කියවන්න! ❤
__________________________________________________

" මට හම්බෙලා තියෙන්නෙත් මන් වගේම කෙනෙක් කිනිහිර!"

" ඒ මොකෝ?"

" මමත් මේ වගේ ආතක් පාතක් නැතුම් යන්න දිහාවක් නැතුම් හිටිය කෙනෙක්නේ!"

"ඉතින් දැන් අභිමන් යන්න එන්න තැනක් තියෙනවනේ!"

අභිමන් හිටියේ අලුතින් හම්බුනු කිටියට කෑම දෙන ගමන්!.කුස්සියේ තැනක ඉදගෙන තමන් ලගින්ම බිම ඉදගෙන අභිමන් කිනිහිරට කතා කලේ කිටි දිහා බලන්..ඒත් කිනිහිර කිව්වේ ඇත්ත ,

මීට කලින් එයාට යන්න එන්න තැනක් තිබ්බේ නැතුව ඇති.ඒත් දැන් තියෙනවා අභිමන්ට එහෙම තැනක්.ඒ කිනිහිර නිස!..

"මම හෙට ගෙදරනේ අභිමන් අපි A/L කරන්න ලෑස්ති වෙමු!"

" මට බෑ කිනිහිර!"

" ඒත්? ඇයි අභිමන් කැමති නැද්ද අභිමන්ට කියලා තැනක් හදාගන්න!"

ගත් කටටම බෑ කිව්වමුත් කිනිහිර කිව්ව දේත් හිතන්න දෙයක් තියෙනවා කියන එක අභිමන්ට තේරුනා.ඒ නිසාම ආයේම මොකුත් නොකියා ඉන්න හැදුවත් කිනිහිර එක්ක අභිමන්ට ඒක කොහෙත්ම කරන්න බෑ.

"අභිමන් කැමති නැද්ද හීන දකින්න!"

" දවල් හීනද?"

"හහ්!"

අභිමන්ගේ තේරුමක් නැති වචන කරන්නෙම කිනිහිරව හිනස්සන එක

" අභිමන් , මිනිස්සු බලපු හැම හීනයක්ම දවස් හීන නෙවෙයි!..මිනිස්සු බැලුවේ උදේ දවල් රෑ කියලා වෙනසක් නැති හීන!..මිනිස්සුන්ට ඕනේ හීන හැබෑ කරගන්න!..ඉතින් ඇයි අභිමන්ට හීන දකින්න බැරි!"

" මන් දන්නෑ!"

" තේරුමක් නැති වචන වලින් උත්තර දෙන්න පුරුදු වෙන්න එපා අභිමන්!.අපි කතා කරන හැම වචනයකටම තේරුමක් තියෙන්න ඕනේ..එතකොටයි මිනිස්සු සිතුවිලි වලින් උනත් ලස්සන වෙන්නේ!"

හැමදාම ,හැම නිතරම වගේ කිනිහිරගේ හිත නිවන ඒ කටහඩෙන් පිටවෙන වචන ඉස්සරහා අභිමන් ගොලු වෙලා.

" අභිමන්!..හීන දකින්න ඕනේ හැබෑ කරගන්න මිසක් ,මේ දැකල්ල මේ අමතක කරන්න නෙවෙයි!...තේරුනාද?!"

ප්‍රේමය නමින්! |Where stories live. Discover now