" මේ තියෙන්නේ තාත්තා එක්ක චූටී කාලේ ගත්ත අවසන් Photo එක!"
" එතකොට?!"
" එතකොට මට වයස අවුරුදු පහයි!.මම ලොකු කාලෙදී එකම එක Photo එකක් වත් එයා එක්ක අරන් නෑ!"
කිනිහිර කිව්වේ තමන්ගෙ කියලා මේ ගෙදර තියෙන කාමරේ බිම Photo Book එකක් පෙරලන් තමන් චූටී කාලේ ගත්ත අවසන් Photo එක පෙන්නන ගමන්!..
" එතකොට Family Photo එකක වත් කිනිහිර නැද්ද?!"
" නෑ!. ඒ හැම එකකම ඉන්නේ අම්මලයි නංගි විතරයි!..ඒ දවස් වලම මාව පවුලෙන් තාත්තා අයින් කරලා දැන්මා!"
" ම්ම්!"
අභිමන්ට අහන්න බෑ ඒ ඇයි කියලා.මොකද අතීත දේවල් අවුස්සන එක එච්චර හොද දෙයක් නෙවෙයි කියන්න අභිමන් දන්නවා.
"තාත්තගෙයි මගෙයි වාසගම දෙකක්!.ඒ ඇයි කියන්න අභිමන් දන්නවද?!"
" නෑ!"
" මන් ඉන්නේ සීයා තාත්ත වගේ.ඒ ගතිගුණ අරන් හැදුනු කෙනෙක් මන්!.චූටී කාලේ ඉදන්ම මන් හිටියා අත්තම්මා සීයා එක්ක.තාත්තා මන් එයා වගේ නොවී සීයා වගේ හිටිය එකට ගොඩක් තරහින් ඉදලා තියෙන්නේ..ඒ නිසාම තාත්තා එයාගේ වාසගම් වෙනස් කරගෙන!..එතකොට මන් එයාගෙ පුතෙක් නෙවෙයි කියලා එයාට කියන්න පුලුවන්නේ!"
" එතකොට කෝ ආච්චී අම්මා?!"
" සීයා තාත්තා මැරිලා අවුරුදු දෙකකින් ආච්චි අම්මත් නැති උනා.එතනින් එහාට මන් මේ ගෙදර තනි උනා..අපේ අම්මා නංගි ගෙනාවට පස්සේ අම්මා කෙසේ වෙතත් තාත්තා මට එයා ලගට ලන් වෙන්න දුන්නේ නෑ!..එයත් ටිකෙක් ටික ලොකු වෙද්දී අම්මලා මට වඩා මට පේන්න එයාට ආදරේ කරා!.."
දරුවන්ට එහෙම කරන්න දෙමව්පියන්ට පුලුවන්ද?!
දරුවෙක් හැදෙන්නේ චූටී කාලේ ඉදන් දරුවා ගැවසෙන සමාජ පරිසරය අනුව බව ඇත්ත.කිනිහිරගේ සීයා කිසිම වෙනසක් නැතුම් කිනිහිරගේ ගති ගුනම තිබ්බ මනුස්සයෙක්!..වාසනාවකට එයාට ඒ වගෙම අදහස් , සිතුම් පැතුම් තියෙන Wife කෙනෙක් ලැබුනා උනත් , එයාලගෙ පලවෙනි දරුවා උනු කිනිහිරගේ තාත්තා සීයාට වඩා සීයට දාහක්ම වෙනස්..පුංචි දේටත් තරහා යන, මිනිස්සුන්ට ගරහන , මාරාන්තික සිතුවිලි වලින් පිරුනු මනුස්සයෙක්..එයාටම ගැලපෙන ඒ වගේම දුෂ්ඨ කම් වලින් පිරුනු බිරිදක් එයා ගෙදරට ගෙනාවයින් පස්සේ ගෙදර අම්මලාට වත් සලකන්නේ නැතුම් අත්හැරලා තියෙන කාලෙක තමයි කිනිහිරව මේ ගෙදරට ගෙනාවේ.
YOU ARE READING
ප්‍රේමය නමින්! |
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්‍රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!" කිනිහිර+අභිමන්