කිනිහිර නම් යන්න ගියා තමයි ඒත් තාමත් කිනිහිරගේ කාර් එක එලියට ගියපු ගේට් එක දිහා අභිමන් බලන් ඉන්නවා..හිතාගන්න බෑ එතනින් එහාට මොනවා කරන්නද කියලා.හිස් බැල්මකින් ඔහේ පාර දිහා බලන් ඉදලම අභි කාමරේ ඇතුලට ඇවිත් ඇදේ බෙඩ් ශී එකත් , නවලා වොශ් එකකුත් දාන් පහලට බැස්සේ කිනිහිර හදපු උදේ කෑම කන්න..පඩිපෙලෙන් හිමිහිට පහලට බැහැගෙන කුසියට ගිහින් තිබුනු භාජන ඇරලා බලද්දී කිනිහිර හදලා තිබුනේ කඩල තම්බලා...භාජනේ ඇරිය ගමන් රස නහර පුරවන් යන්න තරම් ඒ කෑම සුවදයී.මන් කිව්වනේ කිනිහිරලා ලබන ගැණු හරි වාසනාවන්තයි!
පිගානයකට කඩට හැන්දක් දාගෙන අනික් පැත්ත හැරිලා එන්න ගියත් ෆ්රිජ් එකේ අලවලා තිබුනු රෝස පාට Sticky note එක දැකලා අභිමන් එතනම නැවතුනා..නිල් පාට පෑනකින් පැහැදිලිව ලියලා තිබුනු අත් අකුරු වගයකුත් ඇස් දෙකට පේද්දී Note එක ගලවලා අරන් බැලුව ගමන් අභිමන්ගෙ ඇස් දිලිසුනා..
' ඔයාගෙ කඩචෝරු මල්ල උඩ කබඩ් එකේ!! මන් එද්දී පරිස්සමෙන් ඉන්න!!'
කිනිහිරගේ ලියපු වචනවලින් පවා ඒ හැගීම් දැනෙනවා.අභිමන්ටත්! Note එක අතේ තියාගෙනම ආපහු හැරිලා උඩ කබඩ් එක දිහා බැලුවම එතන තවත් Note එකක් අලවලා තිබුනා..ඒකත් ගිහින් අරන් බලද්දි නම් අභීට සතුටට මූණ පුරා හිනා ඇදුනා..
මන් කිව්වේ හිනාවක්!!!
' මෙතන තමයි කඩචෝරු තියෙන්නේ අභිමන්!'
කිනිහිරගේ ඒ නෝට් එකත් අතේම ගුලි කරන් සෝෆා එක පැත්තට ගියේ අභිමන්ගෙ ඇස් සතුටින් දිලිසෙද්දී.කෑම එකත් කාලා කරන්න වැඩක් නොතිබ්බ තැන අභි ආයේම උඩ කාමරේට ගිහින් හිස් ඇද මෙට්ටෙන් එරමියන් ගොතන් ඉදගත්තා.
ඒත් ඇයි අභිමන් හිස් බවක් දැනෙන්නේ?
එතනත් ඉන්න බැරි උනාම ආයේම පහලට බැහැලා පහල තිබුනු පොඩි ස්ටූල් එකක් උඩු තිබුනු පොතක් ඇස් වලට ගැටෙද්දී අභිමන් නැවතුනා..ඒ පොතෙ කවරේ උනත් එයාට හොදටම හුරුයි!
අතට අරන් පිටු එක පාරම පෙරලලා බලනකොට එයාට මතක් උනා! එයාගේ අම්මා එයා චූටී කාලේදී මේ වගේම පොතක් එයාටත් ගෙනල්ලා දීලා තිබුනා කියන එක.පුංචි පුංචි ඇගිලි වලින් පාට කූරූ අල්ලගෙන පින්තූරෙන් පිට යව යව පාට කරපු ඒ පුංචි කාලේ අභිට ආයේ ආයේම මතක් වෙද්දී ඉවසන් දරන් හිටියත් අභිගේ ඇස් වල දැනටමත් කදුලු!
YOU ARE READING
ප්රේමය නමින්! |
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්රේමය නමින්!" කිනිහිර+අභිමන්