අභිමන් පඩිපෙලේ නැවතිලා ඉන්න අතරෙම කොහෙන්ද ආව අහංකාර කළු වැහි වළාවකින් වැස්සක් ඇද හැලෙන්න ගත්තම අභිමන් ආයේම පඩිපෙල බැහැලා සාලේ එහාට වෙන්න තියෙන මුල්ලක් ලග තිබුනු වීදුරු ජනේලයක් ලගට ගිහින් හිට ගත්තේ තාලෙකට වහින වැස්සේ ලස්සන බලන්න!..
පොඩියට පදින හුළගක් එක්ක වහින වැස්සේ වැහි බින්දු ඇවිත් අභිමන් ඉස්සරහා තියෙන ලොකු වීදුරු ජනේලේ වදිද්දී ඒ වැදෙන වැහි බින්දුත් ජනෙලේ පහලට ගලාගෙන යන හැටි අභිමන් ලොකු උනු ඇස් වලින් බලන් හිටියා..
එන්න එන්නම වැහි වලාවත් කලු වට පිටාවේ සිද්ද වෙන දේවල් වත් ඇහෙන්නේ නැති තරම් සද්දෙන් වැස්ස වහින්න ගත්තා..අභිමන් හිටන් උන්නු ජනේලෙට ඇවිත් මීදුම බාද්දී හිතට ආව පුංචි දගකාර අදහසකට අභිමන් කටෙන් ජනෙල් වීදුරුවට පිබලා දකුණු අතේ දබරගිල්ලෙන් කට අනිත් පැත්ත ගහන් ඉන්න මූණක් ඇන්දම එක පාරම තවත් ඇගිල්ලක් ඇවිත් ජනේල් වීදුරුවේ හිනා වෙලා මූනක් ඇන්දම කන ලගට ඇහෙන තාලෙට ගැහෙන පපුවක සද්දයක් ඇහෙනකොට අභිමන් දැන ගත්තා ඒ කව්ද කියන්න..
ඒ කිනිහිර..අභිමන්ගෙ පපුවත් සද්දෙන් නොසන්සුන්ව ගැහෙද්දී අභිමන් එක පාරම පිටුපස්ස හැරෙද්දී කිනිහිර මෙතෙක් ජනෙලේ දිහා බලන් හිටියත් අභිමන් හැරෙද්දී කිනිහිරගේ ඇස් කෙලින්ම යොමු උනේ අභිමන් දිහාට..
උසෙන් උනත් අභිමන්ට වඩා කිනිහිර ටිකක් උසයි..හැඩි දැඩි බවෙනුත් කිනිහිර දැවැන්තයි..කිනිහිර හමුවේ අභිමන් කියන්නේ අතකින් වහගන්න පුලුවන් පුංචිම පුංචි තණකොළ පෙත්තෙක්!..
කිනිහිරගෙ ඇස් කෙලින්ම අභිමන් දිහාට යොමු වෙලා තියෙද්දී අභිමන්ගේ ඇස් තරමක් ඉස්සිලා කිනිහිර දිහා බලන් හිටියා...
බලන් ඉද්දිම කිනිහිර ටික ටික අභිමන් දිහාට පහත් වෙද්දී අභිමන් අත් දෙකෙ ඇගිලි එකට ගුලි කරගෙන ජනේලෙට හේත්තු උනාම කිනිහිර හිනා උනා..හිනා වෙලා අභිමන්ගේ ඔලුව අතගාලා කොණ්ඩේ අවුල් කරලා අභිමන්ගේ උරහිස් දෙකෙන් අල්ලලා ආයෙම අභිමන්ව ජනේලේ පැත්තට හැරෙව්වා..
" අභිමන් අරක දැක්කද?!"
අභිමන්ගේ කන් ලගට පහත් වෙල කිනිහිර එලියෙ තියෙන දෙයක් ජනේලෙට ඇගිල්ල තියන් පෙන්නද්දී අභිමන් ඒ ඇගිල්ල කෙලින්ම බැලුවේ කිනිහිර පෙන්නන වැට අයිනේ තිබුනේ අන්දරේ පැල දිහා..

YOU ARE READING
ප්‍රේමය නමින්!
Literatura Faktu" මියයාමට කලියෙන් බොහෝ ප්‍රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!" Cover Credits: @Zoe_Vantae 💗