Chapter 8

954 148 185
                                    

ඇත්ත! මිනිස්සු කතා කරන්න කලින් වචන ගැන හිතුව නම් අද කට වචනෙට වත් හිත් රිදවීම් කියන එකක් නැති වෙන්න තිබුනා.

" අභිමන්!..මට සමාවෙන්න!..මන් දන්නව ඇත්තටම මිනිස්සු එහෙම හිතුවනම් හිත් රිදවීම් නැති වෙන්න තිබුනා!..ඒක ඇත්ත!.."

" ඒකට කමක් නෑ කිනිහිර!..රිදිලා රිදිලා පුරුදු උනම රිදෙන වචන කියෙන්නෙත් වෙලාවකට නිකම්ම නිකම් වචන විතරයි!"

අභිමන් එතනින් ඒ ටික ඉස්සරහට ඇදෙද්දී කිනිහිර මොකුත්ම නොකියා අභිමන් යන දිහා බලන් හිටියා!.කිනිහිර දන්නවා අභිමන්ට රිදෙන බව.මයුරගෙ වචන.ඉතින් හිත් රිදවීමකින් පස්සේ සමාව කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයි!..

අභිමන් ඇවිදන් ඉස්සරහට යනකොට කිනිහිර දුවගෙන ගිහින් අභිමන්ගේ කරට පැනලා කරට පිටින් අතක් දාගත්තම අභිමන් එක පාරම බය උනා වගේම කිනිහිරගෙ බරට බැලන්ස් නැතුවත් යද්දී කිනිහිර අත  අස්සට අභිමන්ව තද කර ගත්තා..

" මගේ පොඩ්ඩා!.."

කිනිහිර අභිමන්ගේ කරට අත දාන්ම අනිත් අතින් අභිමන්ගේ ඔලුව අතගාද්දී අභිමන් හිනා උන කිනිහිරගේ මේ වැඩ වලට!..කිනිහිරගෙ කටහඩ ඇහුනත් ඇති අභිමන්ට නිවෙන්න.ඒ වගේම අභිමන් දැන් මෙතන හිනා වෙනවා.උනු දේවල් මොහොතකට හරි අමතක කරලා.

" අතාරින්න අභිමන් ඒ වචන!.මිනිස්සුන්ගෙ කටෙන් පිටවෙන වචන වැට බැදලා අපිට නවත්තන්න බෑනේ!..ඒ නිසා ඕවා අමතක කරලා දැන් යමු අපිට ක්ලාස් හොයාගන්න තියෙනවා!"

කිනිහිර අභිමන්ව ඇදගෙනම ගේ ඇතුලට යද්දී කවදාවත් යාලුවෙක් වත් ඉදලා නැති ,යාලුවෙක් එක්ක කාලේ ගත කරන්න හම්බ වෙලා නැති අභිමන්ට කිනිහිර දිහා බැලුවම මොහොතකට හිතුනා ' මටත් හොද යාලුවෙක් වගේ එයා' කියලා.

ඒත් හැමදේටම ලගින් ඉන්න යාලුවෝ හොයාගන්නත් ගොඩක් අමාරුයි අහිමන්!

ගේ ඇතුලට ගියාම තමයි කිනිහිර අභිමන්ව අතෑරියේ..කිනිහිර ගිහින් ලැප් එක අරන් එද්දී අභිමන් කරේ සෝෆා එකේ ඉදගෙන ඉන්න එක..සොෆා එකේ ඉදගෙන ඉද්දී ලොකු ජනේලයකින් පේන අභිමන්ලා හිටවපු මල් පාත්තිය පෙනෙද්දී අභිමන්ට කල්පනා උනේ කිනිහිරගේ වචන!

ප්‍රේමය නමින්! |Where stories live. Discover now