"කිනිහිර?!""ම්ම්!"
හසරැල් දිහා බලන් ඉදිය කිනිහිර බෙල්ල විතරක් හරවලා අභිමන් දිහා බැලුවේ අභිමන් කතා කරපු නිසා.
" ඇයි ඔතන?!"
" මොකුත් නෑ..!"
මොකුත් නෑ කියන ගමන් කිනිහිර කලිසමේ සාක්කු වලට අත් දෙකත් දාගෙන අභිමන්ගෙ පොත් මේසේ දිහාට ඇවිදන් ආවා..කිනිහිර ලගට ඇවිල්ලා හිට ගත්තම අභිමන් කිනිහිරටත් හිනා වෙලා ආයෙම ලැප් එක දිහා බලා ගත්තේ ක්ලාස් එකට අවදානේ දෙන ගමන්..අභිමන්ගෙ ඔලුවත් අතගාගෙන කිනිහිර ආයෙම ගිහින් සෝෆා එකට වැටුනම බිමට පැනලා ඉදිය කිටියත් කිනිහිරගෙ ඇග උඩට නැන්ගා..
කිනිහිරගෙ ඇස් විටෙක ෆෝන් එකටත් තවත් වෙලාවකට අභිමන්ගෙ දිහාවටත් මාරුවෙන් මාරුවට දුවනවා..ඒත් සර් දීපු නෝට් එකක් ලිය ලිය ඉන්න අභිමන්ට පැත්තෙන් කිනිහිරව පේද්දි අභිමන් ලියන ගමන්ම කිනිහිර දිහා හැරිලා බැලුවා.
අභිමන්ගෙ ඇස් දෙක තමන් දිහා බලාගෙන ඉන්න කිනිහිරගෙ ඇස් දෙකත් එක්ක නොහිතුව වෙලාවක පැටලෙද්දී , අභිමන් ටිකක් ගැස්සුනත් කිනිහිරගෙ කිසිම වෙනසක් පේන්න තිබුනෙ නෑ.තත්පර ගානක් ඔය විදිහට දෙන්නට දෙන්නා බලන් ඉද්දින් ගෙවිලා යද්දී කිනිහිර මුනට ගත්ත හිනාවකුත් එක්ක ඇස් දෙකෙන් අභිමන්ට පෙන්නුවෙ ලැප් එක වෙද්දී අභිමන් ඒ විනාඩියේම ආයේම පොතට මූණ ගහ ගත්තා.
ඔය අතරෙම කඩා ගත්ත ඕලු පොහොට්ටුවෙ පෙති ටික අතින් හදන ගමන් හසරැල් දොර ඇරන් ඇවිත් කෙලින්ම ඇවිදන් ගියේ අභිමන්ගෙ මේසේ දිහාවට.පොත දිහා බලන් හිටිය අභිමනුත් තමන් ලගට ආවේ කිනිහිර කියලා හිතන් හිතු පමාවට හසරැල් දිහා හැරිලා බැලුවා.ඒත් ඒ බැල්ම කෙලින්ම යොමු උනෙ හසරැල්ගෙ ඇස් දිහාට..
හසරැල් අතේ තිබුන පෙති හදපු ඕලු පොහොට්ටුව අභිමන් දිහා බලාගෙනම හසරැල් අභිමන්ගෙ ලගින් මේසේ උඩින් තිව්වම අභිමන් හසරැල්ගෙන් ඇස් දෙක එහාට කරගෙන බැලුවෙ ආයෙත් මල දිහා මිසක් පොත දිහා නෙවෙයි..
අභිමන්ගෙ ලගින් හිටන් ඉන්න හසරැල් දිහා කිනිහිර සෝෆා එකෙ ඉදගෙන බලන් හිටියා මිසක් අඩුම මොකුත් කියන්නවත් , අභිමන් ලගට යන්නවත් දැගලුවේ නෑ.කිනිහිරට දැන් වැදගත් බලාගෙන ඉන්න එක විතරමයි..

YOU ARE READING
ප්‍රේමය නමින්!
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්‍රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!" Cover Credits: @Zoe_Vantae 💗