Chapter 13

992 100 111
                                    

ගෙදර යන්න කියලා පිටත් උනත් කිනිහිරගේ මූනේ කිසිම හිනාවක් තිබුනේ නැති හැටි අභිමන් දැක්කා.කලකිරිලා වගෙ ඉන්න කිනිහිර වෙනදා තරම් අභිමන් එක්ක කතා කරෙත් නෑ.එතන තියෙන ලොකුම අඩුව තමයි කිනිහිරගේ මේ නිහඩබව!...

ගත උනු පැයක පමන නිහඩ බවත් එක්ක අවසානේ කිනිහිර ගමනාන්තයට ආවම විසාල ගෙයක් ඉස්සරහා ගිහින් කාර් එක නවත්තලා තවත් විනාඩී ගානක් ඒ ගේ දිහා බලන් හිටියා..අවසානේ සද්දෙන් හුස්මක් පහල දාගෙන කිනිහිර සීට් බෙල්ට් ගලවද්දී අභිමන් හිතේ දෙගිඩියාවෙන් කිනිහිර දිහා බලන් හිටියා..

" බහින්න හිතක් නැද්ද?!"

කිනිහිර ඇහුවම අභිමන් ඔලුව වැනුවේ නෑ කියන්න..මොකද කිනිහිරලගෙ ගෙදර ඉදියට මේ ඉන්නේ කිනිහිරලගෙ අම්මලාගෙ ගෙදර නිසා අභිමන්ට බය හිතුනා..පිටස්තර තැනක මිනිස්සුන්ට මූණ දෙන්න!..

" ඇයි?!"

" මට බයයි!"

අත් දෙක එකට අකුලන් අභිමන් බය උනු ඇස් දෙකකින් කිනිහිර දිහා බලන් කියද්දී කිනිහිර සම්පූර්ණයෙන්ම අභිමන් දිහාට හැරිලා අභිමන් දෙගිඩියාවෙන් ගුලි කරන් ඉන්න අත් දෙකම අල්ලගෙන අභිමන්ගේ මූණ දිහා බලන් ,

"බය වෙන්නෙපා!.මම ඉන්නවානේ..කවුරුත් මොකුත් කියන්නේ නෑ!..තේරුනානේ?!"

"ම්ම්!"

අභිමන් ඔලුව වැනුවම කිනිහිර සිහින් හිනාවක් එක්ක අභිමන්ගේ ඔලුව අතගෑවම අභිමන් කාර් එකෙන් බැස්සා.කිනිහිර එක්කම කිනිහිරට පිටිපස්සරහෙන් ඉස්සරහට ඇදුනේ බය වෙන්නෙපා කිව්වත් අභිමන් බය නිසා.

හුග කාලෙකින් තමන්ගේ ගෙදර පොලොවෙ බස් පෑගෙද්දී ඇග දිගේ අමුතු  හිරියක් යද්දී කිනිහිර එන්න එන්නම් නොසන්සුන් වෙනවා!.පපුව මහ වේගෙන් ගැහෙද්දී , ඉස්සරහට තියන අඩිය ආපස්සට ගන්න කිනිහිරට සිය දහස් වාරයක් හිතෙන්න ඇති!.

තමන් මේ යන්නේ' මිනිමරුවෝ' ඉන්න ගෙදරකට නේද කියලා මතක් වෙද්දී පපුව පසාරු කරගෙන යන තරම් වේදනාවක් දැනුනත් කරන්නම දෙයක් නැති තැන කිනිහිරට ගෙදරට එන්න සිද්ද උනා.

"චූටී අයියා!"

දොර ලගට යද්දිම වගේ ගෑනු ලමයෙක් පැනලා ආපු ගමන් කිනිහිරව බදාගද්දී කිනිහිරත් කාලෙකින් ලැබුනේ නැති උනුහුමකට තුරුල් වෙනවා වගේ ඒ කෙල්ලව තදට බදාගත්තා..

ප්‍රේමය නමින්! |Where stories live. Discover now