භාජනයක් සෝදලා අරන් අභිමන් අල ගෙඩි වගයක් අරන් වතුරට දාගෙන පොතු අයින් කරන දිහා කිනිහිර අත් දෙකත් බැදන් බලාගෙන හිටියේ හෙන ආසාවෙන්..අභිමන්ව මේ විදිහට දකින එක තරම් සතුටක් කිනිහිරට තවත් නැති පාටයි.
අල ටිකෙ පොතු අයින් කරලා ඒ ටික ආයේ සෝදලා අරන් කටින් බෝඩ් එකේ තියන් අභිමන් කපන්න ගත්තමත් කිනිහිරත් සද්ද නොකර බලන් හිටියා..අභිමන්ටත් කිනිහිර ගැන වැඩිය බලන්න වෙලාවක් තිබුනෙ නෑ.අභිමන්ගෙ මුලු අවදානෙම තිබුනේ අල එකේ..
" මොනාද හදන්නේ!"
හදිස්සියේම කිනිහිර අභිමන්ගෙ උරහිසට උඩින් ඔලුව දාලා අභිමන්ගෙ ඉන දෙපැත්තෙන් අත යවලා අභිමන්ගෙ කන මුලට හිමින් කොදුරද්දී අභිමන් ගැස්සුනත් ඒ වෙනස අභිමන් කිනිහිරට නොපෙන්වා ඉන්න උත්සහ කරා.
" කෑමක්!"
" කෑමක් කියන්නෙ ඉතින් මොනාද?!"
කිනිහිර අභිමන්ගෙ කනට කරලා කොදුරනකොට අභිමන්ව එන්න එන්නම සීතල වෙන්න ගද්දී අභිමන්ට ඕනේ කරේම කිනිහිරගෙන් මිදෙන්න..
" හැදුවම කියන්නකෝ!..ආහ් කූල් වතුර එකක් අරන් දෙන්න පුලුවද?!"
" හා!"
කිනිහිරගෙන් ගැලවෙන්න ඕනේ කම්ට අභිමන් කිනිහිරව වෙනත් දිහාවකට හරවද්දී අභිමන් හිතුවා වගේම කිනිහිර අභිමන්ගෙන් එහාට උනා.
"ඒක නෙවෙයි අභිමන්?!"
"ම්ම්!"
" අපි කිටීට මොකද කරන්නේ?!"
" එයාවත් අරන් යන්!"
"එහෙම කරන්න බෑනේ?!"
කියන ගමන් වතුර එකත් මේසේ උඩින් තියලා කිනිහිර එතනම පුටුවකින් දගත්තා.
" ඇයි?!"
" අපි Train එකෙනෙ දරුවෝ යන්නේ!..ඉතින් කොහොමද කිටීව ඒකේ අරන් යන්නේ!"
" අපි එයාව මල්ලක දාන් යන්!"
" එහෙම කරන්න බෑ..උ මගදි මැරිලා ඉදී!."
" එහෙනම් ඉතින් ඔයාම කියන්න කැමති දෙයක්!"
කිනිහිර ලගට ඇවිත් මේසේ උඩ තිබුනු වතුර බෝතලෙත් අරන් ආයෙම අල එක ලගට ගිහින් අභිමන් කියද්දී කිනිහිර,
YOU ARE READING
ප්‍රේමය නමින්! |
Non-Fiction" මියයාමට කලියෙන් බොහෝ ප්රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!"