Chapter 9

786 132 118
                                    


කීහිහිරගේ වචන වලින් අභිමන් ජීවත් වෙනවා!..අභිමන් හුස්ම ගන්නවා..අභිමන් ගාව තියෙන පුංචි ම හරි හිනාව අභිමන් කිනිහිරගෙන් නයට ගත්තු හිනාවක් නෙවෙයිද?

Forzen Cartoon එකත් ටිකෙන් ටික ඉවර වීගෙන යද්දී අර කඩචෝරු මල්ලත් ටික ටික ඉවර වේගෙන ගිහින්!..එවයේ කවර කිනිහිර නම් මල්ලක් ගෙනල්ලා ඒක අස්සට ඔබලා ඒත් අභිමන් , අභිමන් ඉන්න තැන වෙනම විකාරයක් වගේ.කිනිහිරට ඕවා දැක්කම එන හිනාව පාලනය කරන් ඉන්නවත් පුදුමයි!.

අභිමන් කාපු හැම පැකට් එකකම කොල කකුල් දෙක උඩ ගොඩ ගහගෙන නිකම් ඩස්පින් එකක් වගේ!..

" අභිමන්!..කුනු එකතු කරන රස්සාවක් කරන්න කැමැත්තෙන් හිටීය කෙනෙක්ද?!"

"ආහ්?!"

" නෑ මන් ඇහුවෙ ඔය කකුල් දෙක උඩ ගොඩ ගහගෙන ඉන්න කුනු ගොඩ නිසා!"

කිනිහිර කියද්දී අභිමන් ඔලුව පහත් කරලා කකුල් දෙක දිහා බැලුවමයි දැක්කේ කිනිහිර කියපු කතාවෙත් ඇත්තක් නැති වග!..ඒ කවර අස්සේ කාපු ඒවයෙ කුඩුත් එක්ක අභිමන්ගේ කකුල් දෙක උඩ..

අභිමන් කවර ටික අත් දෙකටම ගුලි කරලා අරන් කිනිහිර ගාව තිබ්බ මල්ලට දාලා දත් ටිකම කිනිහිරට පෙන්නලා හිනා උනේ නෑ.විරිත්තුවා..

හරියට නිකම් රිලවෙක් මිනිහෙක්ට ඇද කරා වගේ එකක් එතන උනේ.කිනිහිරත් දත කාගෙන හිනාව පාලනය කරන් ඉන්නවා.

" මන් මේ ටික දාලා එන්නම්!"

කවර මල්ලත් අතෙන් එල්ලගෙන කිනිහිර එතනින් නැගිටලා කුසියට ගියේ කටෙන් එලියට පනින්න දගලන හිනාවකුත් එක්ක..
කිනිහිර කුසියට  ගියාම අභිමන් නැගිටලා සෝෆා එකත් පිහදලා කුසිය පැත්තට හැරෙද්දිම වගේ කිනිහිර වැකුම් එකකුත් උස්සන් සාලේ පැත්තට එනව දැකපු අභිමන් එතනින් එහාට උනේ කිනිහිරට වැඩේ කරන්න දීලා..

ඉතින් අභිමන් සෝෆා එකට හේත්තුවෙලා කිනිහිර දිහා බලන් හිටියා.දන්න ඇදුනුම් කමක් නැති මනුස්සයෙක්ව ගෙදර තියාගෙන මෙහෙම කන්න අදින්න දෙන්න හැමෝටම බැරි වග අභිමන් දන්නවා..ඒත් , කිනිහිර!

කිනිහිරට සල්ලි තියෙන වග ඇත්ත.ඒත් මෙහෙම මිනිස්සුන්ට සලකන්න හැමෝම හිතන්නේ නෑ..ඒ මිනිස්සු දාහක් අතරින් කිනිහිර කියන්නේ මිහිපිට දෙවි කෙනෙක්!..අභිමන් දැක්කේ එහෙම!..

ප්‍රේමය නමින්! |Where stories live. Discover now