අශ්වරගේ පපුවේ ඔලුව තියාගෙන අශ්වරට තුරුල් වෙලා හිටපු යසස් ටිකක් හොඳට අද උන දේවල් ගැන හිතන්න ගත්තා.
"බිල්ඩින් එකේ ගාඩ්ස්ලා හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් පේන්න හිටියේ නෑ"
යසස් අශ්වරට කිවුවා.
"මම ඒක ගැන හොයන්න දැනටමත් කෙනෙක්ට බාර දීලා තියෙන්නේ"
අශ්වර කිවුවේ යසස්ගේ ඔලුව අතගාන්න කියලා උස්සපු අත ආපහු පහලට දාන ගමන්.
"ඒ වගේම අශ්වර මම හිතන්නේ මට ගහන්න හැදුවේ මෙනුක්ගේ ෆෑන්ස්ලා නෙවෙයි.එතන හිටපු අය මට ගහපු දෙතුන් දෙනාව නවත්තන්න හැදුවා"
යසස් ආපහු කිවුවා.
"මම cctv ෆොටේජ් ටික ගත්තා.ඒ ටික බලලා මම මේ ඔක්කොම හොයාගන්නම්.මේකේ මොකක් හරි අමුත්තක් තියනවා.බය වෙන්න එප හෙට වෙද්දි මේ ප්රශ්නේ විසඳෙයි"
අශ්වර යසස්ට කිවුවා.
ඒත් එක්කම අශ්වරගේ අපාට්මන්ට් එකේ බෙල් එක එක දිගට වදින්න පටං ගත්තා.යසස්ට කාඹරේටම වෙලා ඉන්න කියපු අශ්වර ගිහින් දොර බාගෙට ඇරලා බැලුවේ කවුද ඉන්නේ කියලා මුලින්ම දැන ගන්න ඕන නිසාමයි.
එතන දොර ඉස්සරහින්ම හිටගෙන හිටියේ ශෙනාල්. කොණ්ඩෙත් අවුල් කරගෙන හිටපු ශෙනාල්ගේ නලලේ දාඩිය බින්දු කීපයක් මතු වෙලා තිබ්බා.වේගෙන් ඉහල පහල දාන හුස්ම නිසාම කලබලෙන් පුලුවන් තරම් ඉක්මනට ශෙනාල් මෙතනට ආවා කියන එක අශ්වරට හොඳටම තේරුනා."කෝ මගේ මල්ලි"
ශෙනාල් වෙන මොකුත් අහන්න කලින් ඇහුවා.අශ්වර දොර සම්පූර්ණයෙන්ම ඇරියේ ශෙනාල්ට ඇතුලට එන්න ඉඩ දෙන ගමන්.
"අයියේ !!!"
යසස් කාඹරෙන් එලියට ඇවිදගෙන ආවා. යසස් ගාවට අඩියට දෙකට දුවපු ශෙනාල් යසස්ව ඇදලා එයාගේ තුරුලට ගත්තා.
"දෙයියනේ මම හොඳටම බය උනා"
ශෙනාල්ගේ අත යසස්ගේ ඔලුව අතගන්න ලං වෙද්දිම අශ්වර ශෙනාල්ගේ අත අල්ලලා නැවැත්තුවා. ශෙනාල් රවලා අශ්වර දිහා බැලුවා.
"අහ් සොරි අයියේ.ඒත් යශ් ගේ ඔලුව ඉන්ජර් වෙලා තියෙන්නේ"
ශෙනාල්ගේ ඇස් වල තිබ්බ තරහ තප්පරෙන් නැති වෙලා ගිහින් කනස්සල්ලෙන් පිරිලා ගියා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...