"මම හිතනවා මම මගේ උත්තරේ කෙලින්ම ඔයාට දුන්නා කියලා මිස්ටර් මෙනුක්"
යුමිල්යා එයා ඉස්සරහින් වාඩි වෙලා මෙනුක්ට කිවුවා.
"ඒත් මම හිතන්නේ යුමිල්යා අපි දෙන්නගෙම goal එක එකක්. අපි දෙන්නා එක වගේ .ඉතිං අපි දෙන්නා එකතු වෙන එකෙන් අපිට ඕන දේ අපිට හම්බ වෙනවා"
"හහ් අපි දෙන්නා?? එක වගේ ?? Excuse me mr.මෙනුක් ඒත් ඔයාට සෑහෙන්න වැරදිලා. ඔයයි මායි එක වගේ නෙවෙයි කොහෙත්ම. ඔයා ඔතනට ආවේ ඔයාගේ අම්මගේ , තාත්තගේ, ලොකු අම්මගේ බලෙන් ඒත් මම මෙතනට ආවේ මගේ තනි මහන්සියෙන්. එතකොට ඔයාට ඕන චීප් වැඩ කරලා යසස්ව පහලට දාන්න. ඒත් මට ඕන මම ආදරේ කරන කෙනාව දිනා ගන්න. ඒ නිසා ඔයාගේ මට්ටමට මාව දාලා මට අපහස කරන්න එපා"
යුමිල්යා සැහැල්ලු විදිහට මෙනුක්ට කිවුවා.
"ඔහොම හිතලා ඔයාට කවදාවත් අශ්වරව අයිති කරගන්න වෙන්නේ නෑ යුමිල්යා. තමුන් මහ මෝඩයි."
"ඉතිං ?? මේ ලෝකේ ඉන්න එකම කොල්ලා අශ්වරද? මම දන්නවා මට අශ්වර නොලැබුනත් ඊලඟට හම්බවෙන්නේ අශ්වරටත් වඩා දහස් ගුණයක් හොඳ කෙනෙක් කියලා.මම එයාව මං ගාවට ගන්න ට්රයි කරන එකෙන් අදගස් වෙන්නේ නෑ මම ඔයා තරමට පහතට වැටෙනවා කියන එක මිස්ටර් මෙනුක්"
මෙනුක් එයාගේ අත තද කරලා ගුලි කරගත්තේ යුමිල්යාගේ කටෙන් පිටවෙන වචන දරුණු වැඩි නිසාමයි.
"ඒ කියන්නේ දැං මිස් යුමිල්යා මම කරන්න යන දේ ගැන අශ්වරට කියන්නද යන්නේ"
මෙනුක් ඇහුවා.
"අපෝ නෑ. ඔයා කරන දෙයක් ඔයා කරගන්න . එහෙනම් මිස්ටර් මෙනුක් මම යනවා. මෙතනින් එහාට ඔයාගේ දෙකයි පනහේ වැඩ වලට මාව ගාවගන්නේ නැතුව ඉඳී කියලා මම හිතනවා"
එහෙම කියපු යුමිල්යා එතනින් නැගිටලා යන්න ගියා.
"ආ....හ් ඔයා මට බෑ කියලා යයි යුමිල්යා.ඒත් ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයා මේකට පැටලෙන එක පැටලෙනවා"
ඈතට ඇදිලා යන යුමිල්යාගේ රුව දිහා බලාගෙනම මෙනුක් කිවුවා.
................................................................................................................................................
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...