🌿CHAPTER 22🌿

156 22 4
                                    

"රගුපති රාඝව රාජා රාම්
පතීත පාවන සීතා රාම්"

සුදු පාටට බැදුනු මීදුම් පටල අස්සෙන් රිදී පාටට උදේ ඉර එලිය මෝදු වේගෙන එනවා.... ගේ ඇතුලෙන් ඉන්දියන් හදුන්කූරු සුවදත් එක්ක භජන් ගීත ඇහෙනවා....

මං හිටියේ බැදුන කලුකෝපී සුවද එන දුම් දාන කෝපි කෝප්පෙත් අතේ තියාගෙන මිදුලට බැහැලා.... අත් දෙක එකතු කරලා අල්ලන්න තරම් ලොකු ඩේලියා මල් උඩට  පිනි බින්දු ඉහිරිලා.... ඩේලියා මල් අතරේ හිටගෙන හැඩ බලන මගේ කැලෑ රෝස මල දිහා බලාගෙන මං උනු කෝපි උගුරක් බිව්වා....

හිරිගඩු පිපෙන සීතලේ සුදු අලු පාට මීදුම අස්සෙන් පෙරිලා එන ඉර එලිය දිහා බලාගෙන, උනු කෝපි උගුරක් තොල ගාන එක,  ඒක හරි ලස්සන හැගීමක්..මදි පාඩුවට ඔයාගේ ලෝකේ පාට කරපු සුරංගනා ආත්මෙත් ලග ඉන්නවනම්,  ඇත්තටම ඒක වචන වලට හරවන්න අමාරු විදලම බලන්න ඕන හරි ලස්සන හැගීමක්....

"අයියේ රංගයියා කිව්වා හෙට හවස තුනට විතර මෙහෙන් පිටත් වුනාම හරි කියලා..."

"ම් අනිද්දත් නිවාඩුනේ, පාන්දර වෙද්දි ගියත් කමක් නෑනේ..."

මං උත්තර බැන්දා.... මට ආපිට උත්තරයක් නොදීම මගේ අතේ තිබුනු කෝපි කෝප්පෙත් අරගෙන ගේ ඇතුලට දුවගෙන ගිය පන්සිළු පිටිපස්සෙන් ම මමත් ඇතුලට ගියා....

හැමදේම ලෑස්ති කරලා තියලා කට්ටිය ලෑස්ති වෙන්න ගිහින් නිසා මං එහෙමම ඉස්සරහ තිබුන සුදු පාට කනුවට හේත්තු වෙලා අත් දෙක බැදගත්තා.... ඒත් මට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි වුනා...

"ඔය කනුව බිමට පෙරලෙන්නේ නෑ, මෙහේ ඇවිත් මේ බඩු ටික වාහනේට දාපන්!!"

රංගයාගේ නයි පනික්කියා මායම් වුනා....

"අමෝර් අමෝර් සද්ගුනවත් බෑනා පුතා!!  ඒ කොටස නියමෙට ආවා!!"

මං ඉන්න තැනම ඉදන් බෙල්ල හරවලා දේශ් ට තම්බ්ස් අප් එකක් දුන්නා....

"නොදකින් මූසලයා,  පිනක් කරගන්න වත් වාසනාව නැති හැටි, කියවිල්ල නවත්තලා  මෙහේ වරෙන් රන්දු,  උබ ලව්වා බලෙන් හරි මේවා කරවන්න එපැයි..."

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now