🌿CHAPTER 20🌿

170 30 4
                                    

පක්ෂ කාර්යාලයෙන් එලියට ආපු මං කෙලින්ම ගියේ පාකින්ග් ලොට් එකට... එහෙමම කා එකට නැගලා හිතේ ආවේගේ ඉවර වෙනකන් ස්ටියරින් වීල් එකට ගහගෙන ගහගෙන ගිය මං සීට් එකට ඔලුව බරකරගෙන ඇස් දෙක පියාගත්තා....

අනිත් උන්ට විතරක් නෙවෙයි මගේම තාත්තාට පවා ඕන මාව පාවිච්චි කරන්න කියලා තේරෙන කොට හිතට තරහකටත් වඩා දැනෙන්නේ වේදනාවක්.... උන් ඔක්කොටම ඕන මාව ඉත්තෙක් කරගෙන උන්ට නැතිවෙන්න යන ආසනේ රැකගන්න....

තේරෙන දා ඉදලම පොලිටික්ස් කියන්නේ මගේ හිතේ කලු පැල්ලමක් තියපු මාතෘකාවක්... මට අම්මා නැතිවෙන්න, තාත්තාගේ අසීමිත බල තන්හාවට එකම හේතුව පොලිටික්ස් කියනෙක මගේ ඔලුවේ හැම වෙලාවකම තියනවා....

"එක්කෝ තමුන් මේ සැරේ පලාත් සභා නොමිනේෂන් දෙන්න ඕන රන්දු එහෙම නැත්නම් මිස්ටර් සේනානායකගේ දුවව මැරි කරන්න ලෑස්ති වෙනවා,  ඒ කෙල්ල කැමතියි පොලිටික්ස් වලට එන්න, එතකොට  තමුන් ටානියාගේ හස්බන්ඩ්, ඒ නිසා   ගොඩයන්න පුලුවන් අපිට...."

"මං පොලිටික්ස් වලට කැමැත්තක් නෑ තාත්තා,  පක්ෂෙන් ඉල්ලන කෙනෙක් ට මං සපෝට් කරන්නම් "

"එහෙම බෑ රන්දු, ලොක්කා තමුන් ගැන පැහැදිලා ඉන්නේ,  මිනිහා මගෙන් පර්සනලිමයි මේ ඉල්ලීම කලේ,  මට බෑ කියන්න බෑ,  තමුන් නොමිනේෂන් දෙන්න ඕන, බැරි නම් මැරේජ් එකට රෙඩි වෙන්න..."

"තාත්තාට බෑ ඕනවට වඩා මගේ ලයිෆ් එකට ඉන්වෝල්ව් වෙන්න!!"

"ම්හ් මං උබට ඇති තරම් නිදහස දුන්නා රන්දු,  ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න ලෑස්ති වෙන්න එපා,  ගෙදර නිදහස නෑ කියලා වෙනම නැවතුනා මං මොකුත් කිව්වේ නෑ,  මගේ factories බලාගන්න කිව්වා,  බෑ කිව්වා, මං මොකුත් කිව්වේ නෑ.. තාත්තා විදියට නෙවෙයි වඩිමගංගාව ඇමති විදියට මට උබේ ජීවිතේ අහුමුලු වලට ඇගිලි ගහන්න ඉඩ තියන්න එපා රන්දු...එහෙම වුනොත් වැඩ වරදියි!!!"

තාත්තායි මමයි අතරේ වුන සංවාදේ අවසානේ මගේ දිහාට ඇගිල්ල දික් කරලා තාත්තා කියපු දේවල් වර්නින්ග් එකක්ද නැද්ද කියලා හිතලම මට පිස්සු හැදෙන්න ආවා...

බැරි වෙලාවත් තාත්තා පන්සිළු ගැන මං ගැන දැනගෙන නම්,  එතනින් එහාට දේවල් ගැන හිතන්නත් මං බයයි.... මොකද  වඩිමගංගාව ඇමති කියන්නේ තමන්ට ඕන දේ හොදින් හරි නරකින් හරි කර ගන්න විදියේ මනුස්සයෙක්.....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now