කොළඹට වහිනවා....අනෝරාවක් නෙවෙයි පොද වැස්සක්.... වෙලාව හවස පහයි, මුලු ගේම අඩ අදුරේ තද නිල්පාට නියෝන් ලයිට්ස් විතරයි ඔන් වෙලා තිබුනේ..... JBL එකේ කසුන් කල්හාරගේ කවුලු පියන්පත් ප්ලේ වෙනවා.... හිත නිවන ඉන්දියන් හදුන්කූරු සුවද එක්ක මං දුම් දාන කෝපි උගුරක් බිව්වා......
වින්ඩෝ ග්ලාස් එකේ වදින වැහිබින්දු එක දිගට පහලට රූටනවා..... හවසට වහින වැස්ස මෙච්චර ලස්සනයි කියලා මං මීට කලින් දැනගෙන හිටියේ නෑ.... සමහරවිට පන්සිළු මට මුන නොගැහුනා නම් මං කවදාවත් දැනගන්න එකක් නෑ.... ඔව් වහින දවසට ඉන්දියන් හදුන්කූරක් පත්තු කරලා නියෝන් ලයිට්ස් දාලා සින්දු අහන පුරුද්ද පන්සිළුගේ.....
හුස්මක් අතෑරපු මම කීවෙනි පාරටද මන්දා ආයේත් හැරිලා දොර දිහා බැලුවා.... පැංචා ආයේත් හොස්පිට්ල් ඇඩ්මිට් කලා.... වෙනදට ජෙනරල් ඇඩ්මිට් කලාට මේ සැරේ කොල්ලව ආසිරි ගෙනිච්චේ මම... පන්සිළු මාලාටයි කොල්ලටයි කෑම අරගෙන හොස්පිට්ල් ගියා... මං යන්න හිටියත් රංගටත් කොල්ලව බලන්න ඕන කියපු නිසා පන්සිළු රංග එක්ක ගියා.....
මං ගියත් ඇතුලට යන්නේ නෑ, වැස්ස නිසා පොඩ්ඩක් නහය බුරුල් වෙලා.... චූටි එකාගේ පරිස්සම අංක එකනේ.....
ක්ලබ් ගිය දවස් දෙක තුනේ පොඩ්ඩක් මාව මග ඇරලා හිටියත් ගෙවුන සති දෙකේ පන්සිළු ආයේත් මාත් එක්ක වෙනදා වගේම ඉන්නවා.... හිතේ බරක් තිබුනත් මමත් වෙනසක් නොපෙන්වා ඉන්නවා......
මග් එකේ ඉතුරු වුන කෝපි බාගේ එහෙමම අරගෙන ගිහින් මං වහලා තිබ්බේ නැත්තන් එහෙම ගෙදර ඇවිත් මාව කන්න හදන නිසා.... හොදයි ඒක වුනේ මෙහෙමයි.... දවසක් මාවයි පොඩ්ඩාවයි තියලා පන්සිළු මාලා එක්ක සුපර් මාකට් ගියා....කොල්ලා ලයිසන්ස් අරගත්ත නිසත් වාහනේ හුරුවෙන්න ඕන නිසත් මං පොඩි පොඩි ගමන් වලට කොල්ලට වාහනේ අරගෙන යන්න දෙනවා...
යන්න කලින් පොඩ්ඩගේ බෝතලේට කිරි එකක් දාලා මටත් එකක් හදලා දීලයි පන්සිළු ගියේ.... වෙනදා පුරුද්දට බාගයක් ඉතුරු කලත් ආයේම පන්සිළු ගෙදර නෑනේ කියලා හිතුන නිසා මං ඉතුරු බාගෙත් බීලා දැම්මා.....
YOU ARE READING
🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)
Non-Fiction"පහනක් ලස්සනම පහන් සිය ගානක් දැල්වෙන මලුවක දැල්වෙනකොට නෙවෙයි පන්සිළු, එක හුදෙකලා අදුරු මලුවක දැල්වෙනකොට.." -අශ්වින්- 24/05/30 RAYA