🌿CHAPTER 19🌿

106 24 15
                                    

"ම්"

"මොනවද?"

"තේ.."

මං හිටියේ fb එකේ උඩ පහල යන ගමන්.... හිතුවට වඩා ඉක්මනින් අපේ programme එක මිනිස්සු අතරේ famous උනා.... මගේ හිතේ ඒකට  වැඩි කැමැත්තක් නැතත් පන්සිළු නම් ඒකෙන් ගොඩක් සතුටු වුනා....

අපේ පලවෙනි programme එක තියලා මේ වෙනකොට තවත් මාස හයක් ගෙවිල ගිහින් තිබුනා ... ඊයේ අපි අපේක්ෂා හොස්පිට්ල් එකේ තිබ්බේ අපේ විසි වෙනි වැඩසටහන...

තාත්තා ගේ වදෙන් බේරෙන්න ඕනවට එක වැඩ සටහනක් තියලා නිකන් ඉන්න හිතුවට, එදා පුංචි උන්ගේ වගේම පන්සිළු ගේ මූනෙත් තිබුන සතුට දැක්කම මට මේක නවත්තලා දාන්න හිතුනේ නෑ...

ඒ නිසාම මං තීරණය කලා කම්පැනි එකේ profit එකෙන් සීයට තුනක් මේ වෙනුවෙන් අයින් කරන්න...ඒත් මුල් වැඩසටහන් හතර ඉවර වෙද්දි, ගොඩක් යන්ග් ජෙනරේෂන් එකේ කෙල්ලෝ කොල්ලෝ අපිත් එක්ක එකතු වුනා.... ඒ නිසාම මාසේකට වැඩසටන් දෙකක් තියන්න තරමට අපේ fund එක වැඩි වුනා....

මේ වැඩසටහන් විස්ස පුරාවට අපි උදව් අවශ්‍ය ම මිනිස්සුන්ට ගොඩක් දේවල් කලා.... ඈත ගම්වල බිස්නස් එකක් පටන් ගන්න උවමනාව තිබ්බත් අතේ සතේ නැති කොල්ලන්ට ඒ වෙනුවෙන් ඕන කරන දේවල් දුන්නා, අනාත නිවාස, මහලු නිවාස වලට උදව් කලා,  වතුර නැති ගම්වලට නල ලිං කැපුවා,  දුප්පත් ඉස්කෝල කීපයක ගරා වැටුන ගොඩනැගිලි අලුත් වැඩියා කලා....

ඇත්තටම මාසේම මහන්සිය අමතක වෙලා ගිහින් හිතම පිරෙන සතුටක් වින්දා අපි ඒ දේවල් වලින්.... මටත් වඩා ඒ දේවල් වලින් සතුටු වුනේ පන්සිළු... ඒ වගේම ඒ හැම දේකම මූලිකත්වය අරගෙන වැඩ කලේත් මගේ කොල්ලමයි....

ඉතින් ඒ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල විදියට හැම පැත්තෙන්ම මිනිස්සුන්ගේ ප්‍රශංසා ලැබෙන කොට මගේ මූනේ හිනාවක් ඇදුනා....

ඒත් එක්කම මාවත් පෙරලගෙන පන්සිළු මගේ phone එකට එබුනා....

"මොනවද තවුසේ හිනා වෙවී බලන්නේ"

මං වැටෙන්න ගිය phone එක අත්දෙකෙන්ම තද කරලා අල්ල ගද්‍දී පන්සිළු ඇහුවා.....

"මොනා බලන්නද බබා, මේ ඊයේ අපේ programme එකේ ෆොටෝස් "

මං කියනකොට කොල්ලා  මගේ දිහා ඇස් පුංචි කරලා බැලුවා....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now