🌿CHAPTER 23🌿

113 20 1
                                    

උදේ මං ඇහැරුනේ මගේ තොල් දිගේ එහා මෙහා යන උනුසුම් ඇගිලි තුඩු වල පහසින්.....ඇස් නෑරම කවුද කියලා දන්න නිසා හිනා යන්න ආවත් හිනාව හංගපු මං තොල් ඈත් කරලා ඇගිල්ලක් දත් වලින් අල්ල ගත්තා....

මගේ උරහිසට හිර වෙලා තිබුන සිනිදු කම්මුල් ගැස්සිලා යනවා මට දැනුනා.....

"ගුඩ් මෝනින්ග්!!"

ඩුවට් එකට යටින් තාමත් නිරුවතින් මගේ ඇගට තෙරපෙන කොල්ලව තව ටිකක් ඇගට තද කරගෙන ඒ මූනට එබිලා මං කිව්වා....

"මෝනින්ග්!!"

මගේ අත අස්සේ මූන හංගගෙන කොල්ලා කොදුරනවා...

"මෝනින්ග් විතරද? ගුඩ් නැද්ද?"

"ගුඩ් පෙනිලා ඉන්නේ,"

මූන හංගගෙන කොදුරනවා.... මං හිනාවෙවීම කොල්ලව මගේ පැත්තට හැරෙව්වා.....

"නැගිටිමු දැන් අරුන් දෙන්නා එනවත් ඇති...."

නොකියා හිටියාට කොල්ලා ඉන්නේ අමාරුවෙන් කියලා මට තේරුන නිසාම මං මුලින්ම නැගිටලා වොෂ් රූම් එක රෙඩි කරලා එයාව පස්සේ අරගෙන ගියා....

පන්සිළු වොෂ් දානකං ඊයේ හපංකම් නිසා  දුබුරු පාට පැල්ලම් රැදිලා තිබුන බෙඩ් ෂීට්ස් ටික මැෂීන් එකට දාලා කොල්ලත් එක්කම පහලට ආවේ උදේට කන්න දෙයක් හදන්න......

"හොද වෙලාවට මෙහේ කෑම ලේසියට නරක් නොවෙන්නේ බබා '"

ඊයේ හදලා තිබුන රයිස් එකයි චිකන් ඩෙවල් එකයි එහෙමම රත් කරලා උනු කිරි මග් දෙකකුත් හදාගත්ත අපි දෙන්නා කිචන් එකේ ඉදලම කන්න ගත්තා.....

"අයියේ!!"

"ම්"

කාලා ඉවර වෙලා ජනේලෙන් පේන පහල ගග දිහා බලාගෙන කිරි එක බොන ගමන් හිටපු මං පන්සිළු කථා කරද්දි හැරිලා බැලුවා....

"ඊයේ රෑ..."

කොල්ලා ගොත ගහනවා... මං බලාගෙනම හිටියා....

"ඒක කොහොමද?"

කම්මුල් රතු කරගෙන මගේ දිහාම බලාගෙන අහනවා...

"ජස්ට් වන් වර්ඩ්?"

මං ඇහිබැමක් උස්සලා ඇහුවා...කොල්ලා ඔලුව වනනවා....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now