🌿CHAPTER 09🌿

255 47 41
                                    

____________________________________

"ඇයි මාලා, මොකද්ද ප්රශ්නේ?"

මං ඇහුවේ පුදුම වෙලා බලාගෙන ඉන්න මාලාගෙන්.... අපි හිටියේ හොස්පිට්ල් එකේ....පන්සිළු පැංචාගේ ඩොක්ටර් මුන ගැහෙන්න ගිය නිසා මං මාලා එක්ක පැංචාගේ බෙඩ් එක ලගට ආවා....

කොලු පැටියා බලාගන්න හිටපු ගෑනු කෙනාට පහේ කොලේකුත් දීලා ආයේ එන්න ඕනේ නෑ කියලම පිටතා කලේ පන්සිළු එන්න කලින්...ගෑනි එහෙම කරන්න එපා කියලා වාත වුනත් වගකීමක් නැති මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න මං කොහොමත් කැමති වුනේ නෑ..... පන්සිළු හිටියා නම් නව කියලා අනුකම්පා කරනවා කියලත් මං දන්නවා...ඒකයි එන්න කලින් ගෑනිව පිටත්  කලේ....

"දෙයියෝ අපේ බේබි,  මේ පුංචි එකා අපේ බේබි පොඩි කාලේ වගේමයි ඇරපු අතක් නෑ..."

මාලා කියනකොටයි මං ආපහු මාලා දිහා බැලුවේ...කොලු පැටියාගේ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තියාගෙන මාලා ඒ මූන දිහා ම බලාගෙන ඉන්නවා....

ඇත්ත පැංචාව මුලින්ම දැක්ක දවසේ මටත් ඕකම හිතුනා... හරියට මං මගේම පුංචි කාලේ දිහා බලාගෙන ඉන්නවා වගේ... ඒත් කොහොමද එහෙම වෙන්නේ කියනෙක මට තේරුනේ නෑ.... අනික පොඩි වුන් ඔක්කොම එක වගේ නිසා එහෙම පේනවා ඇති කියලා මං ඒක අතෑරලා දැම්මා.....

"අපේ බේබි ට මතක නැතුව ඇති... මං බේබිව මුලින්ම දැක්කෙත් බේබි මේ වගේ වයසෙදි.... දෙයියෝ එදාත් මේ වගේම ඇද උඩ ඉදගෙන බේබි අපේ අම්මා දිහා බලාගෙන හිටියා මට අද වගේ මතකයි..... නොදන්න කෙනෙක් රැවටෙනවා බේබි ගේම දරුවෙක් කියලා...."

මාලා කියනකොට මං ටිකක් ගැස්සුනා.... පන්සිළු ගේ අක්කා.... මං දැන් දන්නවා පන්සිළු ගේ අක්කා කරපු ජොබ් එක...ඒත් කවදාවත් මං  කෙල්ලෝ ආශ්‍රය කලාට උන් එක්ක දුරදිග ගිය සම්බන්ධ කම් තියාගත්තේ නෑ.... උන් මගේ කකුල් දෙක ලග දන ගැහුවට මං කවදාවත් කෙල්ලෙක් ගේ කකුල් අතරේ පිස්සු කෙලියේ නෑ..... සැහැල්ලු හුස්මක් පහල දාලා මං ඔලුව දෙපැත්තට වැනුවා........

"දෙයියෝ බේබි මේ, බේබිගේ වගේම ඇහැ කොනේ ලපේකුත් තියෙයි....!!"

මාලා ආයේත් කියනවා.....මං හිනා වෙලා ඔලුව වැනුවා....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now