🌿Chapter 24🌿

124 21 3
                                    

"පන්සිළු!! මොකද බබා මේ, ලයිට්ස් වත් ඔන් කරලා නෑ,  ඒ මදිවට පොඩි එකා ඇහැරලා අඩනවා හෝ ගාලා, ඇහුනේ නැද්ද? මොකද ඔහොම කෙයාලස් වැඩ කරන්නේ, කොල්ලට අඩන්න හොද නෑ බබා..."

මං හවස ගෙදර එනකොට මුලු ගේම අන්ධකාරේ ගිලිලා.... පොඩි එකා හූ කියලා අඩනවා,ඒ මදිවට   පැංචා ගේ රූම් එකේ දොරත් එලියේන් ලොක් කරලා.... මං ඉක්මනින් ගිහින් කොල්ලව වඩාගෙන අපේ රූම් එකට දිව්වේ පන්සිළු කොහෙද බලන්න...

මං යද්දී පන්සිළු හොදටම නිදි... ගෙදරම ලයිට්ස් ඔන් කරලා, රෑට කන්න ගෙනාව කෑම ටික ටේබල් දාලා, පැංචාව වොෂ් කරලා කෑමත් කැව්වත් පන්සිළු තාමත් නිදි....

මේ දවස් ටිකේම තත්වේ ඕකයි....පන්සිළු ගේ එක්සෑම් ලග නිසා දේශ් තමයි කිව්වේ කොල්ලට ගෙදර නැවතිලා පාඩම් කරන්න දෙන්න කියලා..... ඇත්තටම ඒ අදහස හොද නිසා මං පන්සිළු ට කිව්වා ගෙදර නැවතිලා දවල් වරුවෙත් පාඩම් කරන්න කියලා... මුලින්ම අදිමදි කලත් කොල්ලා පස්සේ කැමති වුනා....

අනිත් එක මේ දවස් ටිකේම පන්සිළු මං ගෙදර එන වෙලාවට නිදි... වෙනදට නම් පොඩ්ඩත් ඇහැරලා රූම් එකේම ඉදන් තනියම සෙල්ලම් කර කර ඉන්නවා... ඒ නිසා මං ඒ ගැන ලොකුවට හිතුවේ නෑ... ඒත් අද... අද වුන දේ නම් කොහොමටවත් හොද දෙයක් නෙවෙයි..

හදිසියේ හරි අඩලා අඩලා කොල්ලට හුස්ම ගන්න බැරි වුනා නම්....මගේ ඇගම හිරි වැටිලා ගියා.... හිතට ආපු ආවේගෙට මුලින්ම  පන්සිළු ට සැරෙන් කෑ ගැහුවත්, පාඩම් කරන ගමන් පොඩි එකත් බලාගෙන කොල්ලට මහන්සි ඇති කියලා මට පස්සේ හිතුනා....

"පන්සිළු!! නැගිටලා කෑම කාලා නිදාගන්න!!"

මං ආයේත් කොල්ලව හොල්ලලා ඇහැරවනකොට තමයි ඇහැරුනේ....

"ඕනවට වඩා මහන්සි වෙන්න එපා බබා රිලැක්ස් එකේ වැඩ ටික කරන්න, තව මාසයක් තියනවනේ ඕනවට වඩා ස්ට්රෙස් වෙන්න එපා..."

තාමත් නිදිමතේ කෑම කන පන්සිළු ගේ කොන්ඩේ අවුල් කරලා මං හිනාවෙලා කිව්වා....කොල්ලා කලේ ඔලුව වනන එක විතරයි ....

පහුවදාත් කලින් දවසේ වගේම පන්සිළු පොඩි එකාව රූම් එකට දාලා ලොක් කරලා නිදාගෙන ඉන්නවා දකිද්දී නම් මගේ ඉවසීම නැති වුනා.... පන්සිළු කවදාවත් මේ වගේ කෙයාලස් විදියට වැඩ කරනවා මං දැකලා තිබුනේම නෑ...

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now