CHAPTER 25

119 24 9
                                    

හස  පාලුවට ගිහින්... මුලු අහසම එලිය කරගෙන හද පායලා තිබුනත් තරු පේන්න තිබුනේ නෑ....හඳ එලිය තරු එලියට වඩා අහස හැඩ කරනවා කියලා කවුරු කොහොම කිව්වත්,  මට නම් අහස ලස්සනම තරු පිරිලා තියෙනකොට....

ඔලුවට යටින් අත්දෙක තියාගෙන කර්ට්න්ස් අතරින් අහස දිහා බලාගෙන හිටපු මං බර හුස්මක් පහල දැම්මා.... මගේ එහාපැත්තේ පන්සිළු තද නින්දක....රෝස පාට වුන පිම්බුන කම්මුලක් පිලෝ එකට තද වෙලා, තොල් දුක උල්වෙලා කට චුට්ටක් ඇරිලා... පොඩි එකාවත් මෙච්චර හුරතල් නෑ....මගේ මූනේ ලා හිනාවක් ඇදුනා.....

අහම්බෙන් ජීවිතේට ආපු උබ මගේ ජීවිතේ වෙනස් කරලා පන්සිළු...උබේ පුංචි වෙනසත් මගේ නින්ද නැති කරන තරමට මං උබට ඇබ්බැහි වෙලා....මං දැනෙන නොදැනෙන තරමට ඒ පිරුන කම්මුලෙන් හාද්දක් තිබ්බා...

"පහුගිය දවස් ටිකේම පන්සිළු බේබි පාඩම් කරන්න ගියානේ බේබි!!"

මාලාගේ කටහඩ කන් ඇතුලේ දෝංකාර දෙද්දි මං ඇස් දෙක තද කරලා පියාගත්තා....අතට අහුවෙන මානේ තියෙන හැමදේම බිම ගහලා පොඩි කරලා දාන්න තරම් නොසන්සුන් කමක් හිතට දැනුනත් මගේ එහාපැත්තෙන් ඇලවෙලා සීරුවට හුස්ම ඉහල පහල දාන පන්සිළුගේ  සන්සුන් හුස්ම මගේ ආවේගේ ඈතට අරගෙන යනවා....

උබම මාව අවුලලා උබම මාව නිවනවා බබා... මොකක්ද මේ වෙන්නේ? මොනවද උබ මට හන්ගන්නේ....

"මෙලහට කොල්ලා උබට හොරා පාඩම් කරලා හොද රිසල්ට් එකක් දාලා උබව සප්‍රයිස් කරන්න හිතනවද දන්නේ නෑ රන්දුවා..."

දේශ් එක්ක දවල් මේ ගැන කියද්දී ඌ කියපු දේ මතක් වෙලා මං එහෙමම ඇදේ පන්සිලුගේ පැත්තට හැරුනා.... මගේ ඇගිල්ලක් සිනිදුවට ඒ කම්මුල් දිගේ ඇදගෙන ගිය මං නලල පුරා විසිරිලා තිබුන කොන්ඩේ අතින් පිටිපස්සට හැදුවා.....

"එහෙමද? මගේ මැනිකෙට අයියව සප්‍රයිස් කරන්න ඕන වෙලාද? ම්? ඒත් මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා පන්සිළු, වචන කරන්න බැරි අමුතු බය හිතෙන හැගීමක්... හරියට හරියට....ආහ්... ඔව් මං මේ දැනෙන හැගීම දන්නවා....මට ඒක මතකයි....අම්මා...මගේ අම්මා යන්න ගිය දවසේත් ඉස්කෝලේ ඇරිලා ගේ ඇතුලට එද්දිම මට මේ අමුතු හැගීම දැනුනා.... දැනුත් මට ඒ විදියටමයි දැනෙන්නේ....හරියට කුණාටුධකට කලින් හැමදේම නිහඩ වෙලා යනවා වගේ...."

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now