"මොකද්ද ප්රශ්නේ අයියේ?"
පන්සිළු දවසේ සියවෙනි වතාවටද කොහෙද මගෙන් ඇහුවා...
"මට කියන්න බැරි දෙයක්ද?"
ආයේත් අහනවා... මං ආසම බෝල ඇස්වල කදුලු ගුලි දෙකක් හිර වෙලා.... පන්සිළුයි මමයි ආදරේ කරන්න අරගෙන දැනට මාස හයකටත් වඩා ගෙවිලා ගිහින්...ගෙවුන දවස් හරි සාමකාමීව ගෙවිලා ගියා....
ඇත්තටම මං ජීවත් වෙනවා කියලා දැනුනේ මට මේ ගෙවුන මාස කීපයේ... තාමත් මාලාට අපේ සම්බන්ධේ රහසක් නිසා ගෙදරදි නිදහස එක විදියකට සීමා වුනත්, පන්සිළු නම් කියන්නේ ආදරේ ලස්සනම හැංගි හැංගි කාටත් හොරෙන් ආදරේ කරනකොට කියලා...
ම්හ් අනේ මන්දා....ඒකෙත් පොඩි ගතියක් නැත්තේ මත් නෑ... මාලාගේ ඇස් වහලා මොහොතකට ඒ හීනි ඉන වටේ අත පටලලා පිම්බුන කම්මුලකට හාදුවක් තියද්දි...
මාලා එහා මෙහා වෙනකන් ඉදලා පන්සිළු ගේ පස්සෙන් ම වොෂ් රූම් එකට රින්ගද්දි.... එකම ගෙදර ඉදලත් මහ රෑ වෙනකන් මැසේජ් කරද්දි, ඉවසීම ලෙෆ්ට් වුන වෙලාවට කොල්ලට වද කරලා රූම් එකේ දොර ඇරවගෙන තුරුල් වෙලා නිදාගන්න යද්දී... ඇත්තටම ලේසියෙන් ලැබෙන අවස්ථා වලට වඩා ඒ වගේ වෙලාවල් වලදී ආදරේ වැඩියෙන් දැනුනා...
ගෙවුණු දවස් මතක් වෙලා මගේ කට කොනේ හිනාවක් ඇදුනා...
"අයියේ!!"
පන්සිළු මගේ උරහිසට ඇන්නා..."ම් ඇයි වස්තුවේ?"
මං කොල්ලව අතින් ඇදලා ලගට අරගෙන බඩට මූන තියාගත්තා... සුවදයි... රස්නෙයි... ඔලුව විකාර කරන ප්රශ්න ඔක්කොම අමතක වෙලා යනවා....
ඒ කෙට්ටු ඇගිලි තුඩු ඔලුව පුරා රටාවකට එහේ මෙහේ යනවා... මං එහෙමම තොල් උල් කරලා ෂර්ට් එක උඩින් ම කොල්ලගේ පැතලි බඩට හාදුවක් තිබ්බා... පන්සිළු ගැස්සුනා... මගේ උරහිස උඩ තිබුන අත තද වුනා... ඔලුව උඩ තිබුන ඇගිලි ටිකට මගේ කොන්ඩේ අහුරක් මිරිකුනා...
මගේ මැනික... තාමත් හැමදේටම අලුත්.... හිතේ තියෙන පීඩනෙත් එක්ක හැමදේම අමතක වෙලා යන්න මටම මාව ඉහිලුම් නොදෙන වෙලාවක කිටි කිටියේ තුරුල් කරගෙන ලෝකෙම අමතක කරන්න දැනෙන හැගීම් වලට මං හිතලම අගුලු දාන හේතුවත් ඒකමයි...
YOU ARE READING
🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)
Non-Fiction"පහනක් ලස්සනම පහන් සිය ගානක් දැල්වෙන මලුවක දැල්වෙනකොට නෙවෙයි පන්සිළු, එක හුදෙකලා අදුරු මලුවක දැල්වෙනකොට.." -අශ්වින්- 24/05/30 RAYA