🌿CHAPTER 26🌿

102 23 3
                                    

මගේ කැබින් එකටම ඇටැච් කරලා හදලා තිබුන පර්සනල් ඒරියා එකේ වොෂ් රූම් එකේ මිරර් එක ඉස්සරහා හිටගෙන හිටපු මගේ ඇස් නැවතිලා තිබුනේ මගේම  බෙල්ලට පහලින් තිබුන මෝල් එක උඩ තිබුන රතුපාට පැල්ලම උඩ.... දිවෙන් තොල් තෙත් කරන ගමන් ඇගිලි තුඩු වලින් ඒ පැල්ලම අල්ලපු මගේ මූනේ ලා හිනාවක් ඇදුනා....

පහුගිය දවස් කීපය ඇතුලේ හැමදේම ආපහු තිබුන විදියටම සාමකාමී වුනා... එදා මං හදිසියේ ගෙදර ආපු දාට පහුවදා ඉදලම කොල්ලා නෝමල් වුනා... ඒත් පන්සිළු මට නොකියා විහාරව මුනගැහෙන්න ගියේ ඇයි කියන දේ මං දන්නේ නැති වුනත් කොල්ලා මට ඒ ගැන නොකිව්වත් මං ඒ ගැන හාරා හොයන්න ගියේ නෑ....

ඒ වගේම හිතේ සතුටට තවත් හේතුවක් වුනේ නතාලි ත් මං වගේම මැරේජ් එකට අකමැති වුනා වගේම කෙල්ල එදා ලන්ච් එකේදි මට එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව මුන ගැස්සුවා.... උන් දෙන්නාගේ ප්ලෑන් එකත් පුලුවන් ඉක්මනින් රටින් පනින්න වෙන කොට, කෙල්ල හැමදේටම කැමති වෙන හේතුව මට තේරුනා... මගේ ප්ලෑන්ස් මොකුත්ම නොකියා උන් දෙන්නට උදව් කරන්න පොරොන්දු වෙලා ලන්ච් එකත් අරගෙන මං ගෙදර ආවේ හිතේ තිබුන තවත් බරක් නිදහස් කරගෙන.....

ඒ වගේම ඊට දවස් දෙකකට පස්සේ මං නතාලි ගැන වගේම නතාලිව තාත්තා මට ප්රපෝස් කරපු එක ගැනත් පන්සිළු ට කිව්වේ හිතේ නිදහස අංක එක වුන නිසා....

ඒත් එදාවත් පන්සිළු මට විහාරා එක්ක එලියට ගිය එක ගැන කිසිම දෙයක් කිව්වේ නෑ..... සමහරවිට දේශ් කියන්නා වගේ මං ඕනවට වඩා හිතනවා ඇති කියලා මං හිත හදාගත්තා......

හුස්මක් ඉහල පහල දාපු මගේ ඇස් තාාමත් නැවතිලා තිබුනේ රතුපාට පැල්ලම ලග.... ඒ පැල්ලම මට ආයේ ආයේමත් ඊයේ රෑ ගෙවුන විදිය මතක් වෙලා.... ආදරනීයයි.....කට කොනක හිනාවක් ඇදෙන කොට මගේ ඇස් මිරර් එකෙන් රින්ග් වෙන phone එකට ගියා.....

බලාපොරොත්තු වුනේ පැල්ලම තියපු කෙනාගේ නම වුනත් නාදුනන අංකයක් ස්ක්රීන් එක ඇදිලා තියෙද්දි මං දැනුන කුතුහලය එක්කම කෝල් එක ආන්ස්වර් කලා.....

"රන්දු!!!"

මං ගැස්සිලා ගියා.... මං නෙවෙයි මගේ හදවත... කාලයක් මගේ ජීවිතේ ම වෙලා හිටපු එකීගේ කටහඩ තාමත් මට මතකයි... මං phone එක තව ටිකක් කනට තෙරපගෙන ඇස් දෙක තද කරලා පියාගත්තා.... මගේම තාත්තා එක්ක ඒකිගේ අනග රැගුම් ඇස් අස්සේ මැවි මැවී පෙනෙද්දී මට දත් කූරු කැවුනා.....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now