🌿CHAPTER 12🌿

274 41 10
                                    

වෙලාව පාන්දර දෙකයි විස්සයි.... නුවරට වහිනවා.... නිකන් වැස්සක් නෙවෙයි ඒක අනෝරා වැස්සක්.... වින්ඩෝ ග්ලාස් එක දිගේ පහලට රූටන වැහි බින්දු දිහා බලාගෙන හිටියට මගේ හිත තිබුනේ ඔහේ පාවෙන ගමන්.....

මට පුලුවන් වුනා නම් කාලය නවත්තන්න, මං සදහටම අද මේ මොහොතේ නවතිනවා....මං ඉන්නේ ඒ තරම් සතුටින්...සතුටකට වඩා ඒක සැනසීමක් කියලා කිව්වොත් හරි.... අනේ මන්දා මේ දැනෙන හැගීම වචන වලට හරවන්න මං දන්නේ නෑ.... මං ඒකට කියන වචන දන්නේ නෑ....

හතර වටේ වැහි සීතල එක්ක බෙල්ලට දැනෙන උනුසුම් හුස්ම, වේගෙන් ගැහෙන මගේ පපුවට හිර වුන සන්සුන්ව ගැහෙන ඒ උනුසුම් පපුව... කොල්ලෙක් ලග මම මේ තරම් සැනසීමක් විදියි කියලා මං හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ....

මහ පාන්දර මං ඇහැරුනේ මහ හඩින් පුපුරලා ගිය අකුණු සද්දෙට... ඇහැරිලා බලනකොට තමයි මම දැක්කේ මගේ ඇගට කකුලකුත් දාගෙන අතකින් මගේ උරහිස අල්ලගෙන අනිත් අත උඩ ඔලුව තියාගෙන බෙල්ල අස්සේ මූනත් හංගගෙන නිදාගෙන ඉන්න පන්සිළු ව....

කොල්ලා නිදාගෙන ඉන්න විදිය නිසා මට හෙල්ලෙන්නවත් බැරි වුනත් මගේ මූනේ හිනාවක් ඇදුනා... ලොකු බෝල ඇස් පියවෙලා යංතමට ඇහි පිහාටු විතරක් මට පේනවා....

ජීවිත කාලේම පන්සිළු ව මෙහෙම අත් අතරේ තියාගෙන නිදාගන්න ඕන කියලා හදවත මොර දෙනවා..... ඒත්...ඌත් පිරිමියෙක් මමත් පිරිමියෙක්....එක පාරට ඔලුවට ආපු දේත් එක්ක මං ගැස්සිලා ගියා.... ඒත් එක්කම නින්ද කැඩුන කොල්ලා මගේ ලගින් ඈත් වෙලා අනිත් පැත්තට හැරුනා.....

මෙච්චර වෙලා හිතේ තිබුන සැනසීම හොරු අරගෙන ගියා වගේ දැනෙනකොට තවත් නිදාගන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ.... එහෙමම නැගිටලා ජනෙලේ ලගින් හිටගත්ත මම සෙංකඩගල අහස ඉකිගහලා අඩන දිහා හිස් බැල්මෙන් බලාගෙන හිටියා.....

____________________________________

"සර් ගර්ල් කෙනෙක් ඇවිත් ඉන්නවා ඉන්ටර්වීව් වලට කියලා!!"

නුවර ගමනින් පස්සේ පහුවදා උදේ අපි ආපහු ඔෆිස් ආවා.... ආපු හැටියේ සෙකට්රි හර්ෂි කියපු දේට මං ඔලුව වැනුවා....නුවර ගමන ගිහින් එන ගමනේදී තමයි ඔය ගර්ල් ගැන කියලා මට තාත්තාගෙන් කෝල් එක ආවේ.....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now