🌿CHAPTER 04🌿

242 47 10
                                    

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

සම්පූර්ණ මගේ රූම් එකෙන් බාගයක් විතර වුන මුලු ගෙදරටම තිබුනේ එක කාමරයක් විතරයි.... සාලෙයි කුස්සියයි වෙන් වුනේ කලුපාට ඉටිරෙද්දකින්... සාලේ කියලා හිතුන හතරැස් කෑල්ලේ පාට දෙකක ප්ලාස්ටික් පුටු දෙකක් තිබුනා.... කාමරේ කියලා හිතුන එකේ දොරට සාරියකින් දොර රෙද්දක් දාලා තිබුනා.....

ලී පටි වලින් හැදුන ඒ කාමරේ දොර උරිස්සෙන් තල්ලු කරපු මම පන්සිළු වත් වාරු කරගෙන ම කාමරේ ඇතුලට ගියා.... පොල්ලී ඇදක් කාමරේ බිත්තිය අයිනේත් ප්ලාස්ටික් මේසයක් වැහුන ජනේලේ අයිනෙත් තිබුනා.... පැත්තක ලී වලින්  ම හැදුව ඇදුම් රැක් එකකුත් එතනම ප්ලාස්ටික් ස්ටූල් එක උඩ කාඩ්බෝඩ් පෙට්ටියකුත් තිබුනා....

දුප්පත් වුනත් කාමරේ තිබුනේ පුදුම පිලිවෙලක්.... මට ක්ෂනිකව මතක් උනේ අපාර්ට්මන්ට් එකේ මගේ රූම් එක....ඒක තනිකර ම luxurious  අපායක් මේකත් එක්ක බලද්දි.....

හෙමින් පන්සිළු ව ඇදේ ඇල කරලා සයිඩ් එකට කොට්ටයක් තිබ්බ මං එක කකුලක එල්ලිලා තිබුන බාටා කෑල්ලත් ගලවලා ඇද ලගින් තිබ්බා... ඊටපස්සේ තෙමිලා තිබුන ෂර්ට් එකේ බට්න්ස්  ගලවන ගමන් ගේ පුරා ඇවිද්දා....

කාඩ්බෝඩ් පෙට්ටියේ පුංචි එකෙක් ගේ ඇදුම් කෑලි කීපයක් තිබුනා... දරුවෙක් හිටියට ගෑනුකෙනෙක් හිටපු සේයාවක් වත් ගේ ඇතුලේ තිබුනේ නෑ.... මං ගේ පුරා ඇවිදලා ආපහු කාමරේට ආවා....

මං හරි නම් දැන් ආපහු යන්න ඕන...ඒත් මොකක්දෝ හේතුවකට මට ඕන ඇහුන දකින දේවල් වල පෙර අපර ගලපගන්න.... කාත් කවුරුවත් නැති එකා, දරුවා ඉස්පිරිතාලේ නවත්තපු දවසට..මොනවද මේ කථා වල තේරුම? මට තිබුණෙ කුතුහලයක්....

වෙලාව  පාන්දර තුන පහු වෙලා...එලිවෙන්න තව පැය කීපයයි...මං එහෙමම ප්ලාස්ටික් මේසේ උඩ තිබුන අනිත් කාඩ්බෝඩ් පෙට්ටිය ට එබුනා.... පොත්... සම්පූර්ණ පෙට්ටිය ඇතුලේ තිබුනේ පොත්.... එතන තිබුන පොත් බැලුවම කොල්ලා අවුරුදු තුනක්ම මට වඩා බාලයි කියලා මට තේරුනා....  ඒලෙවල්ස් වලට කොමර්ස් කරලා තියන්නේ....

ලස්සන බෝල අකුරු දැක්කම මට හිනත් ගියා...කෙල්ලෙක් වගේ හරි හරි පිලිවෙලයි...පන්සිළු සහන්සිත් කියලා ලස්සනට නම ලියලා කැලැන්ඩර් කොල වලින් කවර දාලා.....බෙන්ටෙන් ස්ටිකර්සුත් අලවලා....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now