🌿CHAPTER 18🌿

155 26 9
                                    

"ගෙදර ගි-"

"මට අමාරුවක් නෑ ඉන්න පුලුවන් අයියේ "

ගෙදර ගිහින් ටිකක් රෙස්ට් කරන්න කියලා කියන්න හැදුවත් මගේ කථාව ඉවර කරන්නත් කලින් ම මැද්දෙන් පැනපු පන්සිළු රිදෙන් නෑ ඉන්න පුලුවන් කිව්වා....

ගෙවුන පැය බාගෙක විතර කාලේට ම කොල්ලා මාත් එක්ක කථා කරපු පලවෙනි වතාව ඒක.... මං කා එකෙන් බැහැලා එනකොටත් පැත්තක හිටපු කොල්ලෙක් පිටිපස්සෙන් ආපු කා එකේ වැදිලා විසි වුන පන්සිළු ව නැගිට්ටවලා ඉවරයි....

දෙවියෝ බලලා වගේ කා එක අරගෙන ආපු ලේඩි කා එක ඩ්රයිව් කරලා තිබුනේ හෙමින්, සමහරවිට ඒ නිසාම වෙන්න ඇති මගේ කොල්ලා ඉක්මනින් පාර හරහා පනින්න ඇත්තෙත්, ඒත් අවාසනාවට කොල්ලා කා එකේ යන්තමට වැදිලා තිබුනා....

ලොකූවට ඩැමේජ් එකක් නැතත් ලා නිල්පාට අත්කොට පෝලෝ ටීෂර්ට් එකක් ඇදලා හිටපු නිසා කොල්ලගේ වැලමිටට යටින් අත් දෙකම ලෙලි ගිහින් තිබුනා.... ඩෙනිම නිසා කකුල් දෙක බේරිලා...

එහෙමම මෙඩිකෙයා දාලා කොල්ලගේ තුවාල වලට බේත් දාගත්තත් ඒ වෙලාවේ වත් මං ලගට එනවට පන්සිළු කැමති වුනේ නෑ.... තොල් හපාගෙන ඇස්වල කදුලු හිර කරගෙන හිටියත් නිකමට මගේ දිහා ඔලුව උස්සල බැලුවේ නෑ....

පපුව රිදෙනවා.... හරියට දෙපැත්ත කැපෙන පිහියකින් පපුව ඇතුල හාරනවා වගේ.... වැරැද්ද මගේ.... උගුර රිදීගෙන එන පීඩනේ කෑ ගහලා පිට කරන්න බැරි කමට මන් අත මිට මොලවලා පාරක් ස්ටියරින් එකට ගැහුවා....

"පැටියෝ..."

ඒවත් කොල්ලා හැරිලා මගේ දිහා නොබලපු නිසා මං කථා කලා....

"දැන් නෙවෙයි අයියේ!!"

"කථා කරන්න ඕන!!"

"මේ වැඩේ ඉවර කරලා "

මගේ දිහාවත් නොබලා බිම බලාගෙන ම වචන අමුනන පන්සිළු දිහා බලපු මගේ මුවින් බර හුස්මක් ගිලිහුනා.....

"ඒකද අයියගේ පනිශ්මන්ට් එක?"

මං අහනකොට කොල්ලා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.... මං ආසම කලු බෝල ඇස් අස්සේ කදුලු බෝල නලියනවා......

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now