🌿CHAPTER 27🌿

193 27 2
                                    

"මට නම් මේ ගෑනිව සත පහකට ෂුවර් නෑ රන්දුවා!"

දේශ් මගේ දිහා බලලා කියද්දී රංග මගේ අතට කොෆි මග් එකක් ගෙනත් දුන්නා.... රංගගේ යාලුවෙක් ගේ ගෙස්ට් හවුස් එකක තාවකාලිකව තාරුකාව නවත්තලා මං එහෙමම දේශ් එක්ක උගෙයි රංගගෙයි ගෙදරට ආවා....

"මෙහෙමයි රන්දු,  මානුෂිකව හිතුවොත් අපි මේ වෙලාවේ ඒ ගර්ල් ට උදව් කරපු එක හරි, මොකද ඒකි අම්මා කෙනෙක්,  එයා දගලන්නේ එයාගේ දරුවව බේරගන්න... හැබැයි උබලා දෙන්නා ගෑනි ගැන  කියන විදියට අපිට සීයට සීයක් ගෑනිව ෂුවර් කරන්නත් බෑ...."

රංග කියද්දී මං ඔලුව වැනුවා... මගේම තාත්තා වුනත් ලක්ෂ්මන් වඩිමගංගාව ඇමති බලයට කොච්චර කෑදරද කියලා මං දන්නවා... එහෙව් එකේ තාරුකා කියන කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ කියලා මට හිතුනා....

"අපි දරුවා ලැබෙනකන් කෙල්ලව කොහේ හරි තියලා බලාගමු,  ඊටපස්සේ DNA ටෙස්ට් එකකින් දරුවා ඇමති තුමාගේ කියලා තහවුරු වුනොත් දරුවා වෙනුවෙන් වන්දියක් අරගෙන කෙල්ලට පිටරටක සෙට්ල් වෙන්න ලෑස්ති කරලා දෙමු රන්දු"

රංග කියද්දී ඒ අදහස හොදයි කියලා මටත් හිතුන නිසා මං ඔලුව වනලා වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටේ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන....

"සිතූට මේක දැන්ම කියන්න එපා රන්දු,  එක්සෑම් ඉවර වුනාම හෙමින් කියපං!"
මාත් එක්ක දොර ලගට ඇවිදගෙන ආපු දේශ් මගේ උරහිසට තට්ටු කරලා කියද්දී මං ඔලුව වැනුවා....කොහොමත් මං හිතාගෙනමයි හිටියේ පන්සිළු ට දැම්මම මේ දේවල් නොකියන්න.... මට ඕන වුනේ කොල්ලට හිතේ නිදහසේ එක්සෑම් කරන්න අවස්ථාව හදලා දෙන්න....

___________

"අයියේ ඇයි පරක්කු වුනේ? රංගයියට මොකද?"

රංගට ටිකක් අසනීප වෙලා මං හදිසියේම  එහේ යනවා කියලායි මං පන්සිළු ට කිව්වේ.... 

"ලොකු අවුලක් නෑ බබා,  ප්‍රෙෂර් ටිකක් වැඩි වෙලා..."

"ඩොක්ටර් ලගට ගියාද?"

"ම්..දැන් හරි.."

"රංගයියා වැඩ කරන්න ගත්තම ඉවරයක් නෑනේ,  ඒකනේ මං ඔයාටත් කියන්නේ, එක දිගට වැඩ කරන්න එපා කියලා,  බලන්නකෝ දැන් උන දේ..."

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now