🌿CHAPTER 11🌿

289 39 14
                                    

"අයියා නෙවේ බං මාමා...මාමා.. ම් නැත්තන් අංකල් කියන්න...කෝ ඉතින්..."

"ඕක නවත්තපන්කෝ අයියේ,  පුතා කැමති එකක් කියපු දෙන් වදේ ඕක ගැන ඔය තරම් හිතන්න ඕනද?"

මං වරුවක් තිස්සේ පොඩ්ඩා එක්ක සෙල්ලම් කරන ගමන් ඉද්දි පන්සිළු හිටියේ උයන ගමන්....අද පෝය... මාලාට සිල් ගන්න ඕන කියපු නිසා කොහොමත් පෝයට අපි දෙන්නම ගෙදර හීටපු නිසත් ටිකක් දවල් වෙනකන් නිදාගෙන ඉදලා දැන් ටිකකට කලින් තමයි අපි ඇහැරුනේ....

පොඩ්ඩගේ අවුරුදු දෙකේ උපන් දිනේ තිබුනේ ඊයේ.... කොල්ලගේ උපන් දිනේ වෙනුවෙන් පන්සිළු දෙහිවල තිබුන පොඩි පන්සලකට දානේ අරගෙන යන්න ලෑස්ති කලා... ඊට පස්සේ හවස පුංචි කේක් එකක් කපලා photos ටිකක් අරගත්තා.... එතනින් එහාට පුංචි එකාගේ උපන් දිනේ වෙනුවෙන් දෙයක් කරන්න මට ඕන වුනත් පන්සිළු ට ඕන වුනේ නෑ...

"මට හිටපු එකම නෑයා මගේ අම්මා වගේ හිටපු එකී යන්න ගිය දවස පාටි දාලා සමරන්න හයියක් මට නෑ අයියේ.... කොල්ලා ලොකු වුන දවසක කැමති නම් පාටි දායි,  ඒත් මං ඌට අඩුපාඩුවක් නොදැනෙන්න උපන් දිනේ සමරන එක විතරයි කරන්නේ..."

මං ඒ ගැන කිව්වම පන්සිළු කිව්වා...එතනින් එහාට මං ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ... දැන් ඇතිවෙලා තියෙන අර්බුදය ඒක නෙවෙයි, මේ  පොඩි ඇච්චා දැන් ටික ටික වචන කියනවා...පන්සිළු මුල ඉදලම කොල්ලට ඉගැන්නුවා මාමා කියන්න....

"මට කොල්ලා ලවා මට තාත්තා කියවගන්න ඕන නෑ අයියේ, මට උගේ අම්මා ගැන ඌට කියන්න ඕන.. උගේ අම්මා මටත් අම්මා උනා කියලා ඌට කියන්න ඕන අයියේ මට, ඒකයි මං උට මට මාමා කියන්න උගන්නන්නේ!.."

මං ඒ ගැන අහපු වෙලාවක පන්සිළු ගේ උත්තරේ වුනේ ඒක...
දැන් කොල්ලා කට පුරා පන්සිළු ට මාමා කියනවා... ඒත් මේ හිච්චි ඇට්ටරයා මට කථා කරන්නේ අයියා කියලා....කටත් උන්ඩි කරලා ඉස්සරහ දත් හතර පෙන්නලා ආයා ගානකොට මට මේකව පොඩි කරන්න හිතෙනවා....

මං කොච්චර කිව්වත් අයියා නෙවේ මාමා කියලා මේකා කියන්නෙම අයියා කියලා....

"උබ අයියා කියන හින්දා තමයි කොල්ලත් මට අයියා කියන්නේ..."
සෝෆා එකේ වාඩි වෙලා feeding chair එකේ ඉන්න පැන්චාට කවන ගමන් හිටපු පන්සිළු දිහා මූනත් දෙක කරලා බලපු මං කිව්වා.... ඇයි යකෝ වුත්ත....

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now