𝓔𝓹 027 𝐀𝐬𝐡𝐯𝐢𝐤 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 🖤

554 48 97
                                    

𝓔𝓹 027 𝐀𝐬𝐡𝐯𝐢𝐤 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 🖤

මන් බලාගෙන ඉන්නේ ලොකු ඉස්සෙක් එක්ක ඔට්ටු වන ඌරූ පැටියා දිහා.. පැටියගේ Favorite Prawns ...
වස්තුවගෙන් ඇහුවොත් කැමද මමද තෝරගන්නෙ කියලා ඒ කොල්ලා කියයි මම කියලා.. නැ නැ අනේ මට තියෙන ආදරේකට නෙවේ මගේ පර්ස් එක තියේ නම් කෑමත් එයාට හම්බෙනවා නේ..

කොච්චර කෑවත් හීනි ඇග නම් පොඩ්ඩක්වත් මහත් වෙන්නෑ... Let's not talk about the baby's body. මම ඉස්සෙල්ලාම වස්තුව දැක්කෙත් කෑම එක්ක..

Flash Back

අපේ එක එක වැඩ වලට අපි මාතර දිස්ත්‍රික්කෙට ආවේ අලුතින් ඉතිම් අපි හතර දෙනා මෙහේ හැමතැනම ඇවිදලා රව්මක් ගහලා ජූස් බාර් එකක් ලගින් නැවැත්තුවේ මොනාහරි බොන්න කියලා තිබහට..

මන් ඩිෆෙන්ඩර් එකටම හේත්තු වෙලා ශෙඩ්ස් දෙකත් දාගෙන වටපිට බල බල හිටියේ.. මේ හරියේ හිටිය හැම කෙනෙක්ගෙම වගේ අවදානය මට ලැබුනත් මගේ අවදානය ගියේ කිසිම සිහියක් නැතුව ලොකූ කොට්න් කැන්ඩි එකක් චුට්ට චුට්ට කකා කියවන පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි දිහාවට ඒ දෙන්නා නම් ඉන්නේ ඒ දෙන්නගේ ලොකේ වගේ..

හැබැයි කපල් එකක් කියලා හිතෙන්නෙ නෑ අර වෙව් පස්ස දක්වාම දිග කොන්ඩයක් තියෙන ගෑනු ලමයා සැරින් සැරෙම අර කොල්ලග්‍රර් කන මිරුකුවා අර කොල්ලා සද්දෙන් ' අක්කේ ' කියලා කෑ ගැහුවා..

ඔහ් ඔහ් අක්කයි මල්ලි වගේ.. මන්දා අර ගැනූ ලමයා කොච්චර ලස්සන වුනත් මගේ ඇස් නැවතුනේ කාටවත් ලේසියෙන් නොලැබෙන චොක්ලට් පාට ඇස් තියෙන කිරි පාට හමක් තියෙන අමුතු රතට හුරු තොල් දෙකක් තියෙන ඒ පොඩි කොල්ලා ලග..

වාව් එයාගේ චොක්ලට් ඇස් දිලිසෙනවා.. එයාට තියෙන්නේ අව්වටවත් දිලිසෙන්නෙ නැති චොක්ලට් ඇස් දෙකක්...

මගේ මුන ඉස්සරහට ආව Aloe Vera Juice එක දැක්කමයි මන් පියවි සිහියට ආවේ...

" ආ . මොකෝ ආයේ කෙනෙක්ට හිතවත් ගියාද " එහෙම ඇහුවේ මන් ගැන හොදට දන්න සතියා...

" දන්නෑ අර චොක්ලට් පාට ඇස් තියෙන පොඩි කොල්ලා මට මොකද්ද කරනවා... " මන් කියද්දි අපි හතර දෙනාගෙන් පිස්සු කෙලින දෙන්නා ඇවිත් මගේ වම් පැත්තෙන් හිට ගත්තා...

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now