𝓔𝓹 040 𝐕𝐢𝐡𝐚𝐠𝐚 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 💚❤️
මන් බලාගෙන කකුල් හතරේ පුටුවේ කකුල් දෙකෙන් ඉන්න ගිහින් ෆෝන් එකේ මොකක් හරි මගුලක් දැකලා තව පොඩ්ඩෙන් මේ බූරූවා කොන්දත් කඩා ගන්නවා...
මන් විභූට බත් එක කවලා වතුර බෝතලේත් ලන් කරා.. විභූ මගේ දරුවෙක් වගේ.. විභූ විතරක් නෙවේ අනිත් ගොන් වහන්සෙලා දෙන්නත් මගේ ලමයී වගේ..
දැන් ඔන්න මූන පුම්බන් ඉන්නවා.. අෂ්වික් අයියත් එක්ක රණ්ඩුවක්ද දන්නෑ... මුන් දෙන්නා ලෞ කරද්දි අපි දිය වෙනවා.. රන්ඩු කරද්දිත් මුන් දෙන්නටත් වඩා අපිට අප්සට් යනවා...
මගේ ෆෝන් එකත් ඕෆ් කරා නේද? මූට මොන යකෙක් ගහලද? මූ තාම අෂ්වික් අයියගේ නියම යකා දැකලා නෑ.. අස්වික් අයියා බයි එයාගේ කේන්තිය දැකලා විභූ එයාට බය වෙයි කියලා..
ඒත් ඉතිම් අෂ්වික් බොසා මූගේ අණ්ඩපාල වැඩ ගැන දන්නැති නිසා තමා ඔහොම හිතන්නේ.. මට මතකයි එක දවසක් මාස දෙකකට විතර කලින් අෂ්වික් අයියගේ යක්ෂ වර්ශන් එක ඔන් වුනු හැටි....
Flash Back
" රෝ ඉක්මනින් ලෑස්ති වෙන්න මන් ඔයාගේ ගෙදර ලගට එනවා.. " එකසැරේ මන් මේ ඉංග්රීසි වැඩ වගයක් කර කර ඉද්දි තිශූ කෝල් කරලා කිව්ව දේ නිසා මන් පුදුම වුනා..
" ඇයි මොකෝ වුනේ "
" උබට ඒවයින් වැඩක් නෑ මෙතන ලොකු ප්රශ්නයක් ඇති වෙන්න කලින් ලෑස්තී වෙයන් " මූගේ අම්මට...
Beep Beep
මන් අම්මටත් කියලා ෂර්ට් එකක් අරන් ගෙදර දොර ලගට ආවා.. අපේ ගෙදර තියෙන්නේ කන්ද උඩක ඊට පහලින් ආච්චම්මාගේ ගේ ඊටත් පහලින් තමයි පොඩි නැන්දගේ ගේ.. එතන ගේට්ටුව ලග තිශුගේ කවසාකිය තිබ්බා..
මන් ෂර්ට් එකත් ඇද ඇදම ඇවිත් තිශුගේ කවසාකි එකට නැග්ගා.. මන් බලාගෙන පොඩි නැන්දගේ ඇස් මේ පැත්තේ තියෙනවා..
එයාගේ පුතා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් ඌ එලෙවල් වලට මාතර බෝඩ් වෙලා ඉන්නේ...
" මොකද්ද ප්රශ්නය ? " මන් හෙල්මට් එක දා ගත්තම මූ විද්දා විදිල්ලක්...
අපි ආවේ හද්ද පාලූ පාරක ගෙයක්වත් නෑ වටේම කැලෑව මෙච්චර මේ ඉපදුනු දවසෙ ඉදන් මෙහේ හිටියට මෙහෙම පාරක අපි ඇවිත් නෑ...
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...