𝓔𝓹 031
" සුදූ.. පැටියෝ.. නැගිටින්න බබා " ම්හ්ම් සැප නින්දක හිටිය මන් අයියගේ කටහඩටයි මගේ කම්මුලකට දැනෙන ස්පර්ශය නිසායි ලාවට ඇස් ඇරියා..
අපි කොහෙද මේ ආආආආආඅ ට්‍රිප් එක ආවනේ..
" නැගිටින්න ඌරූ පැටියෝ ... ඔයා දවල්ට කෑවෙත් නෑ කෑම ගේන්න ගිය ඩිංගට නින්ද ගිහින් නේ මගේ පැටියට " මන්දා මට මාරම මහන්සියක් තිබ්බා ඒ නිසා නාගෙන ශොටක් ගහන් එහෙන්ම ඇදට වැටුනා විතරයි මතක..
" ම්හ්ම් කීයද වේලාව අයියේ " මන් තව තව ඇදේ ගුලි වුනා...
" හවස 5යි 35යි දරුවෝ කෝ කෝ නැගිටින්න .. මන් ලෝභකමෙන් ඇහැරුවේ කන්න එන්න පැටියෝ " අයියා මගේ ඔලුව අත ගද්දි තව නිදිමතයි අනේ..
" අහ්හ්හ්හ්හ්හ්ම් නිදිමතයි නේ.. " මන් පත ඈනුමක් ඇරියා.. අයියට හිනා..
" කෝ කෝ නැගිටින්න නැගිටින්න " අයියා මගේ ෂර්ට්ලස් උඩුකය අත් ගිනියලා කිති කවන්න ගත්තා...
" එපා හහ් අයියේ අනේ හහ් මට කිතියි අනේ අලෙපාහ්හ් හහා අනේ කිතියි කිතියි යෝදයෝ අනේහ් හාහා නවත්තනවා ඒ එපා හ් හා කිතියි අනේ " මන් දගල දගල කෑගහද්දි ඇඹරෙද්දී එයා හිනාවෙවි මාව කිති කවනවා..
මෙහෙම හිටියට මගේ ඇග සෙන්සිටිව් අප්පා
" කිතිද ආ ආ කිතිද ඉන්න ඉන්න මන් කිති යවන්න .. " අනේ මේ මෝඩයා මගේ බෙල්ලෙත් කිති කවද්දි මන් ඇදේ ඇඹරි ඇඹරි ගැලවෙන්න බැලුවා.. කොහෙද මේ යෝදයා මගේ ඇග උඩට ඇවිත් මට හැරෙන්නවත් බැරි වුනා..
" හහ් නවත්තනවා මට කි හාහා කිතියි හහ් " මන් කෑ ගැහලා හිනාවෙවි හිනාවෙවී කොහොම හරි අයියව ඇදේ අනි පැත්තට තල්ලු කරලා ඇදෙන් පැනලා අපේ රූම් එකට තියෙන ඇටෑච් බාතෲම් එකට යන්නයි ලැස්තී වුනේ..
" කොහෙද යන්නේ ආ වස්තුව " එකසැරේම මාව පාවෙන්න ගත්තේ අයියා මාව හරහට වඩාගෙන පොඩ්ඩක් උඩ දැම්මේ මන් බයේ එයාගේ උරහිස වටේ අත් දාගත්තා...
" අනේ ඇති අප්පා මට හිනාවෙලා බඩත් රිදෙනවා .. හම්මො හති " මන් හයියෙන් හුස්ම ගන්න ගමන් කියද්දි අයියා මාව වඩාගෙන අරහේ මෙහේ ඇවිදින්න ගත්තා..
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...