𝓔𝓹 061
" අයියේ අපි මේ කොහෙද යන්නේ " අයියයි මායි ඉන්නේ අයියගේ Range Rover එකේ .. මන් දන්නෑ මේ යකා මොනාද පෙන්නන්න තියේ කියලා නිව් සීලන්ඩ් වල ඉදන් ආපූ ඊලග දවසෙම මාව අරන් මේ යනවා...
" ගියාම බලන්නකෝ.. " මන් විසි තුන්වෙනි වතාවටත් අහපු ප්‍රශ්නෙට අයියා විසි තුන්වෙනි වතාවට දීපූ උත්තරේ ඒක...
අයියා මේන් රෝඩ් එකෙන් පොඩි ලේන් එකකට වාහනේ හැරෙව්වා... යෝහ් මේ කොළඹමද? මේ ලේන් එක මාරම ගතී ඒ කියන්නේ නිස්කලංක පැත්තක්...
හැබැයි සුපිරි ගෙවල් තියෙන්නේ...අයියා වාහනේ පොඩි යකඩ ගේට්ටුවක් ගාවින් නැවැත්තුවා... ඒ කියන්නේ ලොකු ගේට්ටුවක් නෙවේ පටි පටි ගහපු යකඩ ගේට්ටුවක්... ගේට්ටුව ඇතුලේ සාමාන්‍ය තට්ටු දෙකේ ගෙදරක්..
" මේ කොහෙද අයියේ " මන් වාහනේ ඉදන්ම ඔලුව එලියට දාලා අහද්දී , අයියා මගේ සීට් බෙල්ට් එක ගැලෙව්වා...
" බහින්නකෝ " අයියා කියද්දී , මන් බැස්සා.. ඒ ගෙදර කවුරුත් ඉන්නවා වගේ පේන්නෑ නේ.. හැබැයි ලස්සනයි අප්පා ගේ එහෙම ලොකූ ගෙයක් නෙවේ.. පාරට වඩා පොඩ්ඩක් උඩකින් ගෙදර ඉඩම තිබ්බේ..
" දැන්වත් කියන්නකෝ මේ කාගේ ගෙදරද? " මන් ගේට්ටුව මගේ බෙල්ල දක්වා උසයි එබි එබි බැලුවා..
" අපේ ගෙදර " හෑ අයියා එහෙම කියලා මගේ අතින් අල්ලන් ගේට්ටුවේ ඉබ්බා ලගට අරන් ගියා..
" හෑ "
" මේ ගෙදර හැදුවේ අපි දෙන්නට වස්තුව.. ඔයා නැතුව ඔයා එක්ක හිටිය අමාරුම කාලේ මම මේ ගෙදර හදන්න යොදාගත්තා.. මේ ගෙදර ඉඩම වැලි කැටයක් ගානෙම තියෙන්නේ මගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි " අයියා ගේට් එකේ ලොක් එක ඇරලා මාත් එක්කම උඩට ආවා..
" මන් දන්නවා වස්තුව ඔයාගෙන් අහන්නෙවත් නැතුව මගේ හිතුමනාපයට මෙහෙම අපි දෙන්නම ඉන්න ගෙදර හදපු එක වැරදියි කියලා... ඒත් වස්තුව ආසම විදියටයි මන් ගේ ප්ලැන් එක ඇන්දේ " අයියා කියද්දී , මන් වටපිටාව බැලුවා..
ගේට් එකේ තාප්පේ දිගටම අඹගස් තුනක් තියේ.. ගානට හදපු ගාර්ඩ්න් එකේ අඹ ගහේ බැදපු ඩ්බල් ඔන්චිල්ලවක් කොෆී ටේබල් එකක්
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...