𝓔𝓹 004

1.5K 139 27
                                    

කලින් කොටස ආයෙත් කියවන්න ප්ලීස් ඒකේ අඩුවක් තියේ නම් කියන්න හොදද 

𝓔𝓹 004

ගේටුව වහලා ගෙදර පැත්තට හැරෙද්දිම අක්කා ඉන්නවා. දොර උලුවස්ස්ට හේත්තුවක් දාන් ඕකී ඔහොම්මයි මන් පරක්කු වුනාම අම්මටත් වඩා ඒකී තමයි මග බලාන් ඉන්නේ..

" අර කවුද අර හිටියේ සුදූ " එකී ඉස්සි ඉස්සී ගේට්ටුවෙන් එලිය බලන් අහද්දි , මන් උරහිස් හැකුලුවා..

" දන්නෑ පාරක්ද කොහෙද ඇහුවා.. " බොරු බේගලයක් ඇද දැම්මා..

" තමුසෙලා සහිරුගේ ගෙදර නෙවේ නේ ගියේ.. කෙල්ලෙක් බලන්න නේ නේ " ඔය කිව්වේ.. ඔන්න ඕකයි ඔකීට බොරු කියන්න අමාරූ . පුදුමයි කලින් කිව්ව බොරුව අහු වුන් නෑ..

" මට නෙවේ සහිරුවට තමයි කෙල්ල බලන්න ගියේ... .... " මන් ඉතිම් වුනූ දේවල් ඔක්කොම කියොන ගමන් සපත්තු දෙකත් ගලෝලා මේස් දෙක පිටින් ඇවිත් සොෆාවේ දපතේ දාලා වැටුනා. හම්මෝහ් බඩගිනි මහන්සි..

" යසෛ යසෛ පොඩි පගයෝ ඔක්කොටම දාර බඩ්ඩක් දාගන්නද එච්චර කට්ටක් කෑවේ " හරි. එකී බක බක ගගා හිනා වුනා. ඔය මන් කිව්වේ මේකීත් එකයි අර සුද්දියත් එකයි ඩබලම කොලු නැකතක ඉපදිලේ..

" බඩගිනී අක්කේ බත් බෙදනොකෝ.. " මන් කියද්දි ඒකී මගේ කකුල් දෙකේ තිබ්බ මේස් දෙකත් ගලෝගෙන සපත්තු දෙකත් අරගෙන අවුවෙන් තියන්න එලියට ගියා. අම්මා කොහෙද දන්නෑ.. මන් ඔයාලට මගේ පවුලේ ගැන මුකුත් කිව්වෙ නෑ නේ.. මට ඉන්නේ අම්මයි තාත්තායි මෙකී. තාත්තා රට ඉන්නේ එයා අර දිග කන්ටේනර් ට්‍රක් එලවන ඩ්‍රයිවර් කෙනෙක්.. අම්මා නම් ගෙදර ඉන්නේ.. අක්කා. Small Business එකක් කරනවා.. අර Gift Box , Mug Cake වගේ ඒවා හදනවා.. අපේ ගෙදර තට්ටු දෙකක් යට තට්ටුවේ අම්මා තනියෙන් ඉන්න දවස් වලට අක්කා එක්ක ඉන්නේ උඩ ඉන්නේ මම තනියෙන්
ඒත් එකීගේ බිස්නස් එකේ බඩු දාපූ ලොකු කාමරේ තියෙන්නේ උඩ . තාත්තා ගෙදර ඉන්න කාලේට එකී ඉන්නේ Business Office Room එකට අල්ලපූ රූම් එකේ.. අපේ ගෙදර Main Road එකේ තියෙන නිසා ලේසී.

මන් යුනිෆොම් එක පෙගෙන්න දාලා හොදට නෑවා.. නාගෙන එද්දී අක්කා තුවාය දොරේ නොබ් එකේ එල්ලලා.. නාලා කාලා. උඩට යන්න කලින් මන් අක්කා දිහා බැලුවා.

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now