𝓔𝓹 058

1.2K 126 129
                                    

𝓔𝓹 058

ᴅᴏᴜʙʟᴇ ᴜᴘᴅᴀᴛᴇ 2025|01|01

මන් මොකද්ද කරන්නේ...

" හරී එහෙනම් මට කියන්න මොකද්ද ඒ හේතුව.. මොකක් නිසාද මට අර විදියට බැන්නේ.. ආ එතකොට එතකොට මගේ වයස 16යි අයියේ ... අනේ යකෝ මන් පොඩී එතකොට " මන් කෑ ගහද්දී අයියා බිම දන ගහන්ම මූන අත් දෙකෙන් වහා ගත්තා..

" අයියේහ් ඔහොම සද්ද නැතුව ඉන්න එපා..  මට කියන්න මොකද්ද හේතුව.. ක්වුරු හරි මොකක් හරි කිව්වද අයියේහ් " මන් අයියා ලගම දන ගහන් එයාව හෙල්ලුවත් එයා දිගටම නිෂ්ශබ්දව හිටියා..

" අයියේහ්.. "

" මන් මන් අවශ්‍ය කාලේ ආවම මන් ඒ ඔක්කෝම කියන්නම්.. මට එකම එක අවස්ථාවක් දෙන්න වස්තුව " මන් හයියෙන් හයියෙන් හුස්ම අරන් අයියව තල්ලු කරා..

" එහෙනම් ඒ අවශ්‍ය කාලේදී මන් අවස්~ ඒයිහ්  " මට කියන්නවත් නොදී අයියා මාව බදාගත්තා...

" ඒක කියලා තවත් මගේ පැටියව රිද්දන්න බෑ වස්තුව .. මට කාලේ දෙන්න මන් අනිවාර්යයෙන් කියන්නම්.. ප්ලීස් " ආආආආආඅ මේ මිනිහා මගේ ඇටකටු කුඩු කරනවා...

" ඔන්න ඔහේ උබලා දෙන්නා ආයේ යාළු වෙයන්කෝ..  පැත්තක ඉන්න මට දුකයි බූටක් කෑවට වඩා " සහිරූ කියද්දී මන් අයියව එහාට කරා..

" එහෙම බෑ ලේසීයෙන් සමාව දෙන්නෑ .. මාව අල්ලන්නවත් හිතන්න එපා " මන් ඉනටත් අත් දෙක තියන් එහාට මෙහාට ගියා...
මාව දෙලොවක් අතර අතරමං වෙලා වගේ...

" හරි හරී මන් අවස්ථාවක් දෙන්නම්.. ඔයා තමයි ඒක ප්‍රයොජනෙට ගන්නවද නැත්නම් අවසන් අවස්ථාවත් නැති කර ගන්නවද කියලා තීරණය කරන්න ඕන... හැබැයි අයියේ  ඉස්සර වගේ අපිට ඉන්න බැරි වෙයි " මන් කියද්දි,

" Thank you වස්තුව මන් මේ අවස්ථාව නැති කරගන්නෙත් නෑ.. ඇත්ත ඉස්සර හිටියට වඩා හොදට අපි ඉමූ " ඒ මෝඩයා මාව ආයේ බදාගත්තා..

එපා එපා කිව්වට මේ මිනිහව මට ඔනී නේ ම්හුක් ඒ වුනාට මන් හීන් නූලෙන් පලි ගන්නවා. බුහාහා

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now