𝓔𝓹 025
Housemeet තියලා දැම් මාසයක් විතර ඒ කියන්නේ මේ යන්නේ ජුලී අන්තිම දවස්... ජුලී මුල අපේ අක්කගේ බර්ත් ඩේ එක තිබ්බා ඒකී වෙන කෙල්ලො කරනවා වගේ පොටෝ ශූට් කේක් කැපිලි නෑ... එකීගේ මහන්සියෙන් හම්බ කරපූ සල්ලි වලින් අනාත නිවාසෙකටයි වැඩිහිටි නිවාසෙකටයි උදේ සහා දවල් කෑම දුන්නා.. ඒකීගේ අත් දෙකෙන්ම හදලා...
මට ආඩම්බරයක් මගේ අක්කා.. පස්සේ ඉතිම් රෑ මගේ බල කිරිල්ලට මන් ඕඩර් කරපු කේක් එක කැපුවා...
ආ මන් මගේ පොකට් මනි වලින් අක්කට කේක් එකකුයි , මන්ම හදපු අතේ දාන බැන්ගල් එකකුයි දුන්නා...ආ මගේ මනුස්සයත් නැනට කියලා Smart Wach එකක් තෑගී දුන්නා.. මන් හිතන්නේ අපේ අක්කට දැන් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද කොහෙද
මොකද අපේ Mail Box එකේ Unknown Gift එකක් තිබ්බා Birthday Card එකක් එක්ක ඒ ගිෆ්ට් එකට තිබ්බේ ලස්සන ඇන්ක්ලට් එකක්.. අක්කා නම් කිව්වේ ඒ කවුරු හරි එයාගේ කස්ටමර් කෙනෙක් වෙන්නැති කියලා..
ඒත් මට විශ්වාසයි ඒ නම් අක්කගේ ලෞ එක තමයි දුන්නේ කියලා.. මොකද ඒකී ඇන්ක්ලට් එක එක දවසක් වත් කකුලෙම් ගැලෙව්වෙ නෑ..
හරි හරි අපි වර්ථමානයට එමුකෝ.. මන් දැන් ඉන්නේ කුමාරතුංග ස්කෝලේ සිංහල සෙමිනා එකකට ඇවිත්.. මන් විතරක් නෙවේ 11 A , B පන්ති දෙකම ආවා...
මෙහේ අපේ ස්කොලෙටත් වඩා ලොකුයි පන්ති හතරක් තියේ.. A ,B ,C ,D කියලා ඒ නිසා අපි ඔක්කොම Main Hall එකේ ඉන්නේ...
දැන් හුග වෙලාවක් තිස්සේ මොකෙක් හරි එකෙක් හරි එකියක් හරි මගේ දිහා බලන් ඉන්නවා කියලා මට දැනෙනවා.. ඒත් ඒ මොකාද කියලා හොයාගන්න බෑ.. මන් දැන් ගොඩාක් සැරයක් විපරමින් මුළු හෝල් එකම දිහා බැලුවා ඒත් ම්හ්ක් හොයාගන්න බෑ ලමයි ඉතිම් 300 , 400 ක් විතර ඉන්නවා නේ...
මේ සෙමිනා එක කරන සර් මරූ සුපිරියට පැහැදිලි කරලා ව්‍යාකරණ කියලා දුන්නා...
" ෆුහ් මට මුත්‍රා බරයි බන් " විහඟයා නහයෙන් අඩද්දිම සර් අපිට විනාඩි 10ක බ්‍රෙක් එකක් දුන්නා.. බරවල් නිදහස් කරන් එන්න කියලා...
" යමන් යමන් යකෝව් " විහඟයා එහෙම කියලා නැගිට්ටා හුගක් ලමයි නැගිටලා යනවා...
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
غير روائيවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...