37 වන දිගහැරුම

542 53 25
                                    


සින්දුනම් මොනාද අන්තිමට මට නිදාගන්න වුනේ පොඩි එකාට කතාත් කියලා දීලා නින්ද ගියාට පස්සෙ. නයිට් ඩියුටි කිව්වේ මේකටද දෙයියනේ සැක් මන් වැරදියටමයි හිතලා තියන්නේ. මොනා වුනත් නින්ද ගියාට පස්සේ මම පැයක් විතර ඒ මූනදිහා බලාගෙන ඉන්න ඇති ඒ අතරම්ම වහ වැටිලද මන්. මොනා වුනත් මගේනේ ඉතිම්.

"අයියේහ් නැගිටපාන්න්න්..."

"විනාඩි පහක් සුදූ"

"මම තවුසෙට උදේ අටහමාරේ ඉදන් ඇහැරන්නේ ඒ වෙලාවේ ඔය කිව්ව විනාඩිපහ දැන් නමයහමාර වෙලත් ඉවර නැද්ද ආ"

"හරි හරි එහාට වෙන්න"

මගේ ඇග උඩට වෙලා ඉදගෙන හිටපු එකාව එහාට කරලා මම නැගිට්ටා.

"අම්ම ගිහින්ද"

"ඕහ්, තාත්තා ඇවිත්"

"මොකක්? ඇවිල්ලද"

"ඔව්ව් දවස් ගානකින් නේහ්"

"ඔව් නේහ්. යන් පහලට"

මම බාත්රූම් එකට පැනලා පොඩ්ඩක් එහෙන් මෙහෙන් මූන හෝදගෙන හංස එක්ක පහලට ආවා.

"ආ නැගිට්ටද ලොකු මහත්තයා"

"තාත්තේ ඔයා කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ"

"මම මේ වැඩ වගයකට ගියා පුතා."

"ඔව් ඉතින් ඔයාට වැඩ නැති දවසක් නෑනෙ"

"හංස පුතා මේ බලන්න කියන ඒවා මේ ළමයා. මම මේ ඔක්කොම කරන්නේ කවුරු වෙනුවෙන්ද ඉතින් මුන් දෙන්නා නිසානේ."

"අයියේ තාත්ත ඔක්කොම බැලන්ස් කරන් ඉන්නවනෙ කොහොම හරි"

"ඒත් කොහෙ යනවද මොනා කරනවද කියලා දන්නේ නෑනේ. මොකක් හරි කරදරයක්වත් වුනොත්. අනිත් එක හංස දැන් තාත්තට හතුරොත් ඇති කෑම්ප් එකේ ප්‍රශ්නෙන් පස්සෙ. ඒකයි මේ කියන්නේ"

"නෑ නෑ පුතා බයවෙන්න එපා ඉන්නකො ඉවසලා"

තාත්තා එහෙම කිව්වෙ බෙදාගෙන හිටපු කෑම එකත් කන්න පටන් ගන්නගමන්. ඉතිම් මම එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ. මම හොදාකාරවම දන්නවා තාත්තා වැරදි දෙයක් කරන්නේ නෑ කියලත්. අනිත් එක තාත්තාට කොච්චර හතුරො හිටියත් ඒ ඕනෙම කෙනෙක්ට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා ඒ නිසා බයක් නම් නෑ.

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: a day ago ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

ස්වේත හංස | ongoingNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ