Part 06.

55 8 1
                                    

එදා පාටි එකෙට ගිහින් ආවට පස්සෙ අපිට ආයෙ අද තමයි ලෙක්චරස් තියෙන්නෙ .

එදා වුනේ මොකක්ද කියලා අහන්න එපා .මම දන්නෙත් නැ ඒ විපර්යාසය. මමත් තාම හිතනවා ඒක ගැන. එත් මට කියන්න තියෙන්නෙ ඒ අර්බුදය මා විසින් ඇති කරන ලද්දක් නෙවෙයි කියලා.

කැමපස් ජිවිතේ  අදට සතියක් වෙනවා. එකකොට ඔක්කොම සති දෙකයි . කැමපස් ජිවිතේදි හරවත් වෙනසක් කරනවා කියලා හිතලා  මම වෙනදාට වඩා පරක්කු වෙලා ඇහැරලා ගියේ තේ බොන්න.

"එත් කො තේ"

⁣හැමදාම අමතක වෙනවා අපිට තේ නැ කියලා. බෝඩින් ජිවිතේ තාම සති දෙකයි ගියේ. මට තාමත් හිතා ගන්න බැ මම තාම  ජිවත් වෙනවා කියලා.

අපි ගෙදර ආතල් එකේ ඉදලා මෙ අපායට වැටුනත් හරි  හරියට තේකක් නැ. කන්න කැමක් නැ. අදින්න ඇදුමක් නැ මොකක්ද මට මෙ වුනේ.

ගෙදර ඉන්නකොට අම්මායි අක්කායි මැරුවෙ නැති ටික විතරයි උයන්න ඉගෙන ගනින් කියලා. එත් අපි කවද්ද කියන දේ ඇහුවෙ.

එවා දැන් පල දෙනවා. බෝඩිම අපාය වගේ . කුශාන් බැන බැන ඉදලා හිටලා අතු ගැවෙ නැත්තම්  අපි වැලි වලට යට වෙලා මැරෙනවා.

ඌයි මමයි කැම නම් කඩෙන් කන්න හිතාගෙන ආවට මොකද කඩවල් වල කැම දැක්කම බල්ලො බඩ වෙනවා.

මෙහෙ රයිස් එකටම දන්නෙ එක කැරට් කැල්ලයි ලූනු කොල දෙකයි චිකන් ඉහලා වගෙ තිබ්බට දැක්කම බඩ යානවා  ඒවා ඇරලා තිනයන විදියට.  මැස්සන්ට බුෆේ දාලා වගේ තමයි.

කඩවල් තුනකම රයිස්  අපිට සෙට් නැති නිසා අපි කොත්තු වලට බැස්සා. බැස්සා  තමයි අයේ නැගිට්ටෙ නැ .

අපි දෙන්නටම බඩේ අමාරැවක් සෙට් වෙලා ගොඩ අවේ දවස් දෙක්කට පස්සෙ .

අන්තිමට කැම්පස් කැන්ටිමෙන් කන්ඩ සෙට් වුනා . එකෙ පෝලිම නිකන් උද්දමනය කාලේ තෙල්  පෝලිම වගේ .

අන්තිමට අපට පිහිට වුනේ අපේ අම්මා . අපෙ අම්මා කිවෙ යූටියුබි අපෙ අම්මා එකි කියන විදියට උයන්න නම් අනිවා කාගීල්ස් එක ගෙදර ගෙන්න ඕන.

අන්තිමට  අක්මාල්ගෙ අයියා හොයලා දුන්න ලමයින්ට උයන ගෙදරක් හොයා ගෙන ඔඩර් එක දුන්නා . එ ඇන්ටි තුන් වෙලම  කරවලයි බටුයි පරප්පුයි. එක  නිසා රෑට  එයගෙන් කාලා දවල්ට කැන්ටිමෙන් කනවා. උදේ කැම කියන්නෙ සෙලවෙන මනසට.

Positive Where stories live. Discover now