Part 14.

85 5 0
                                    

මම උදේම ගෘප් එකට දැම්මා මම අද මගේ ගානේ බැජ් එකටම පිට්සා පාර්ටියක් දෙනවා වරෙන් කියලා.

ඒ වෙනක් පින්⁣නටයෝ ගානට දාලා තිබ්බ අපිව එතන ඉදන් ජාතියේ පියවරු වෙලා තිබ්බා.

දැන් ඉතින් මේ බැජ් එකම බලන් ඉන්නේ ⁣ඒ ඔඩර් එක එනකන්. මට එහා පැත්තේ යෙවියා ඉන්නවා. ඌ නම් නෝ කතා නෝ සිනා. හැබැයි මේකට ඊයේ රෑ ඉන්ජක්ශන් එක වැදිලද කොහෙද කිරි පනු අමාරුව වගේ ඇබරෙනවා.

"කෝ දැන උබලගේ පිට්සා පාටි එක. තාම නැනේ. කන්ඩ දිලා වැරදි වහන්න උබලට අපිව මුක්කු වගෙද පෙන්නේ."

එරන්දයා අදත් කට කියනවා. මු නම් කැමම තමා ඉල්ලන්නේ. මම නැගිටලා ඌ ගාවට ගියේ එකා මොකාටද එන්නේ බලන්න.

"කැගහන්න එපා බෝ අයි ඔයාට අපේ වැරදි වැහෙනවට දුකද ?"

"පින්න වැඩ කරලා ඒවා සල්ලි වලින් වහන්න එපා යකෝ අප්‍පිරයයි. !!!!! "

මු දොඩවනවා වැඩි. මම බැලුවේ ඒකට අනික් වුන්ගේ රියැක්ට් එක. සමහර එවුන් මුගේ පැත්තේ ඉන්නේ. ඒක එවුන්ගේ මුනු වලින් පේනවා. එත් කොටසක් නම් අතට ගත්ත එක කටට දාගන්න බැරි වෙයි කියලා බයෙන් ඉන්නේ.

"අන්න හරි බ්‍රෝ . අපි දන්නවා සල්ලිවලින් සක්කිලි වැඩ වහන්න බැ කියලා . එක නිසා අපි වුන අවුල හරි ගස්සන්න යන්නේ. නෙද යෙවියා?? "

මම ඇහුවම යෙවියත් ඔළුව වැනුවා.

"දැන් උබලා මොනවා කරත් වැඩක් නැ යකෝ . අර කෙල්ලගේ ජිවිතේ කාලකන්නි කරලා ඉවරයි තොපි."

එරන්දයා වෙව්ලනවා. ඌට බය ඇති බාගෙට ගොඩ දාපු වැඩේ ගැස්සෙයි කියලා.

"හෝ හෝ හදිස්සි වෙන්න එපා අපි ඉවරයි කිවේ නැනේ සුද්දා. අපේ එකා හිමායගෙන් සමාව අරන් අක්කි බබාව බාර ගන්න යන්නේ නේද බන්."

මම කියපු එක⁣ට බැජ් එකේම එවුන් පොඩ්ඩක් ගැස්සුනා . යෙවියත් ඉන්නවා නිකන් හෙන ගැහිල වගේ බලාගෙන.

"යෙවියා වරෙන් . අද අපේ පොඩි එකා මුළු බැජ් එකම ඉස්සරහ හිමායට සොරි කියලා එයාට සප්රයිස්ලි ප්‍රොපෝස් කරන්න යන්නේ. එකට උබලා හැමොගෙම සප් එක ඕන. "

Positive Where stories live. Discover now