ආරෝන් pov.
එදා අක්මල් ආතල් එකට අයියගේ යාළුවෙක්ට බෝඩිමන් ඉඩක් දෙමුද ඇහුවට අපි හිතුවේ නැ සිරාම පොර එයි කියලා.
අපි ඉන්ටර්විව් පැනල් එකක් වගේ ගැම්මෙන් ඉදගෙන ඉන්නෙ ඒ් කියන එකා එනකන්.
"අර එන්නෙ පොර තමයි මම හිතන්නේ. "
"මල්ලිලා ඔයාලද අර රුස්වි අයියා කිව කට්ටිය."
යකෝ මේකා නිකන් ඇල් වතුරත් නිවලා බොන එකෙක් වගේ. මෙහෙම ලදක් විතරයි අපිට අඩු වෙලා තිබ්බේ.
"ඔව් අයියා. අයියා යශිත් ද? "
"ඔව්. මල්ලි මම අර බෝඩිමක් ගැන අහන්න ආවේ. "
"බෝඩිම නම් තියෙනවා අයියා. අයියට සෙට් නම් ඉන්න පුළුවන් . "
මම කිවේ ඌ අපිට කතා කරන විදියටම පොරව මට සෙට් වේගන ආවා නිසා.
"මට නම් කොහෙත් එකක් මල්ලි . ඇත්තම කියන්නම් මට ගෙදර අවුලක් නිසා මේ දවස් ටිකක් හිර වෙලා ඉන්නේ. එත් මාස හයක් දෙනවා නම් මට එකපාර පේ කරන්න පුළුවන් . මෙහෙම වදයක් වෙන්න මමත් ආස නැ. එත් මේ වෙලාවේ මට වෙන ඔප්ශන් එකක් නැ මල්ලි එකයි. "
"ඕක මොකක්ද බන් අයියේ. උබ කැමති දවසක වරෙන් තැන තියෙනවා. "
කුසා එහෙම කීවම අපිත් ඔළුව වැනුවේ කොල්ලෙක් විදියට මෙහෙම එකක් වුනාම තියෙන ආතල් එක තේරෙන නිසා.
"එත් අයියේ මට එක ප්‍රශ්නයක් තියෙනවා. "
අරු විතරක් නෙවෙයි අපේ එවුනුත් කට ඇරන් බලන් ඉන්නේ මම මොකටද එන්න හදන්නේ කියලා.
"අයියට තේ හදන්න පුළුවන්ද ?"
"ඔව් මට හොදටම උයන්න පුළුවන් ."
අඩෝ.........!!!!!!!!!!!
ඒක ඇහුවම නම් අපි සෙට් එකටම ගොවිසෙතක් ඇදුනා වගේ ෆිලින් එකක් ආවා.
සතුටට වැඩිකමට යසිත් අයියගේ ඇගට පැනපු අපි ඒකව බදාගෙන කැරකෙන්න ගත්තා.
නිකන් පන පිටින් එම්බාම් කරනවා වගේ පොර කෑ ගහන්න ගත්තාම තමා අපිටත් වැඩේ මිටර් වුනේ.
මේකා දුවයිද දන්නෑ ආව දිහවකටම.
"සොරි අයියා. අපේ වුන්ට පොඩ්ඩක් ට්‍රැක පනිනවා. ගන්න ගන්න එපා. අයියට පුළුවන්ද අපිට උයලා දෙන්න. "
YOU ARE READING
Positive
Fanfictionපොසිටිව් තින්කින්. මගේ අම්මගේ කටේම තිබ්බ දේ. ඒ නිසාම මාත් හැමදාම හිතුවේ හැමදේම පොසිටිව් ඇති කියලා ඒත් ඒක එහෙමද. ජිවිතේ හැමදේම පොසිටිව් ද .ආදරෙත් එහෙමද ? එහෙම නැ ජිවිතේ ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නොවෙද්දි ආදරේ විතරක සම්පුර්ණ පොසිටිව් වෙන්නේ ක...