හප්පා අද පූකේ දවසක්.අපි ඉන්නේ බෝඩිමේ රැෆ් ටොප් එකට වෙලා පොඩි අඩියක් ගහන ගමන්.
අද අපි පොඩියට සෙට් වුනා අපේ පලවෙන් ප්‍රශන්ටේසන් එකට කෙල වුන සතුට සමරන්න. ඇත්තම කිවොත් කෙල වෙනවා කියන එක හරියටම දැන ගත්තෙ අද තමයි.
අපේ ප්‍රශන්ටේසන් ග්‍රෝප් එකේ අපි හතරයි තව කෙල්ලො දෙන්නෙක් හිටියා. අපි ප්‍රෙසන්ටේසන් එකත් ගැම්මට හදලා සුපිරිම කිටක් ගහගෙන කැමපස් ඉතිහාසයේ ප්‍රශන්ටේසන් කියන එක අතුගාලම දානවා කියලා හිතලා තමයි ගියේ. එත් වුනේ එකේ අනික පැත්ත අතුගැවුනේ අපි.
අපි එතනට ගියාම තමයි තේරුන් ගත්තේ ජීවිතේ දුකක් කියලා. ජිවිතේට අහලා නැති ඉන්ග්‍රිසි වගයක් දාලා අපිට වෙනදා උගන්න ලෙක්චර තව නාකි එවුන් ටිකක් අපිට පේන්නුවා. ඒක තමයි පැනල් එක. ඔක්කොම නාකි පඩන්ගු . ආසාවට හිනා පොදක් නැ. එත් අපි ගැම්ම අරන් පටන් ගත්තා.
මුලින්ම ගිහින් අක්මාලයා අපේ නම් එහෙම කියලා වැඩේට ඉන්ටර් වුනා. අක්මාල්ට සිංහල මුස්ලිම් දෙකම බැරි වුනාට මොකද ඉංග්‍රීසි පුළුවන් .
ඌ යන්තමින් ගේම ගැහලා වැඩේ මට පාස් කරා . එතනින් තමයි හෑම පටන් ගත්තේ . මම මැදක්ම කරගෙන එනකොට මට පොඩ්ඩක් ලිරික්ස් පැටලිලා අන්තිම ටික මුලට ඇවිත් මැද අන්තිමට ගිහින් යමක් වුනා . මට බැ හිතුන නිසා මම ශේප් එකෙ වැඩේ කුශාන්ට පාස් කරා.මොකද යමක් කෙල වු විට එක මූට පාස් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය .
කුශාන් පඩියා වගේ මාව බාර ගන්න පෙරට ආවට, ඒක උගේ කොටස නෙවෙයි. එතින් ස්ක්‍රින් එකේ මොනවා තිබ්බත් මූ පාඩමි කරපු ටික කියලා ඌ ආවා. මයේ එකා ගැම්මෙක් තමයි එතින්.
එතනින් එහාට අපේ එවුන් ඔක්කොම රට පටලගෙන තමන්ගෙ කොටස ලස්සනට හාලා අයින් වුනාම අක්මාල් ගිහින් තැන්ක්ස් කරලා ආවා.
ඊට පස්සෙ වයිවා එක. ඒ කිවේ ප්‍රශ්න අහන ටයිම් එක.
නාකි ලෙක්චරයා මොනවදෝ මන්දා ප්‍රශ්න වගයක් ඇහුවත් මට නම් එකක් වත් තේරුන් නෑ. ඉතින් අක්මාල්ට මොනවා ඕන කුදයක් ගහ ගන්න ඇරලා මම අහක බලන් හිටියේ එවා මට අදාල නැති නිසා
YOU ARE READING
Positive
Fanfictionපොසිටිව් තින්කින්. මගේ අම්මගේ කටේම තිබ්බ දේ. ඒ නිසාම මාත් හැමදාම හිතුවේ හැමදේම පොසිටිව් ඇති කියලා ඒත් ඒක එහෙමද. ජිවිතේ හැමදේම පොසිටිව් ද .ආදරෙත් එහෙමද ? එහෙම නැ ජිවිතේ ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නොවෙද්දි ආදරේ විතරක සම්පුර්ණ පොසිටිව් වෙන්නේ ක...