අපි කොහෙද යන්නේ
බලාගෙන ඉදලා බැරිම තැන මන් අහුවෙ අපේ අතරේ නිහඩ බව පට්ට වදයක් නිසාමට මු දිහා බලන්න ලැජ්ජායි . ඒක නිසා මන් කරපු වැඩේ පුළුවන් තරම් ඒ දිිහා නොබල හිටියා...
එත් එයා මාවත් වාහනේ දාගෙන අපි ආව පැත්තට නෙවෙයි අනික් පැත්තට යන්න ගත්තා.
"දැනනම් යන්නේ කන්න..."
ඇත්ත පට්ට බඩගිනි තමයි .. අපි දවල්ට කාලත් නැ වෙලාව යනවා දැනුනේ නැ. එත් හවස 6ත් පහු වෙලා....
එයා පොඩි කඩයක් අල්ලා නැවත්තුවා ...
"එන්න.."
එක ගැමි ටයිප් එකේ එකක්. එත් ඇතුලේ හිටියෙ නාකි කපල් එකක්.
දෙන්නටම මල් හිකාවක් ගියා අපිව දැකලා.පව් මේ කඩේට වැඩිය කට්ටිය එන් නැතුව ඇති . එත් පොඩි කඩයක් වුනාට හරිම පිරිසිදු පාටයි... පිලිවෙල තැනක්..
"මොනවද කන්නේ.."
එය මගේන් අහුවම මන් බැලුවේ තියෙන දෙවල්..
කොත්තු රයිස් නම් නැ වගේ...
එත් අප්ප , ඉදිආප්ප , බුෆේ දාලා බත් බෙදලා තියෙනවා...කලෙකින් ගෙදර ගියෙත්නැති නිසා මට එහෛම කැමක් කාලා බලන්න ආස හිතුනා...
"බත් කමුද ? "
"ඇන්ටි අපි බත් කනවා... පිගන් දෙකක් දෙන්න."
එයා කිවම අර ආච්චි මටයි අයියටයි දෙන්නටම කෙසෙල් කොල රවුම් දෙකක් එලපු වට්ටි දෙකක දුන්නා.
"නියම ගැමි කැම වේලක් වගේ...."
එතන ගමේ කැම හොදටම හදලා තිබ්බා.. රස්නෙ පිට සුපිරි සුවදක් එනවා...
සුදු බතට පරිප්පු කිරට, පොලොස් කරියක් , මැකරල් තෙල් දාලා , නෙලුම් අල එක්ක වැව් මාළු , ගොටු කොල සම්බොල මන් බෙදා ගත්තා....
එයාත් පොලොස් නැතුව අනික් එවා බෙදාගෙන තිබ්බා....
කඩේ ඇතුලට නැතුව මුහුද පැත්තේ අයිනේ තියෙන ලි බන්කු සෙට් එකෙන් අපි ඉද ගත්තා....
එයා ඉල්ලා වෙන්න ඇති අපිට කට්ලට් දෙක්කුත ගෙනත් දුන්නා...
"අන්කල් තේ දෙක්කුත් ගෙන්න.".
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love